මරු කැදවන දුම්රිය හරස් මාර්ගයක් සහ අයිස් ෆැක්ටරියක් !

0
40

 DSC_1002

(7.30 am ) ඊයේ  (28දා) මීගමුව රදගුරු කාදිනල් කුරේ මාවතේ ( අළුත් පාරේ) හරස් මාර්ගයේ ලොරියක දුම්රියක් ගැටීම නිසා අනතුරට ලක්වූ අතර ලොරියට විශාලලෙස හානිවී තිබින. මෙහිදී කිසිවෙකුට අනතුරක් නොවීම සතුටට කරුනකි. නමුත් මෙම සිදුවීම මත කියැවෙන පනිවිඩය ජනතාවගේ ආරක්ෂාව වරයාසදහා වැදගත්වනු ඇත. මෙම ලොරිය ගැටුනේ දෙවෙනි අවස්ථාවට බව දුම්රිය ස්ථිර මාර්ග සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය ස්ථානාධිපතිවරයා පැවසූ අතර මෙම ස්ථානයේ ඇති අයිස් කර්මාන්තශාලාවේ නොසැළකිල්ල මත මෙය සිදුවී ඇති බවත් පැවසීය.
මේ අනුව මෙම කර්මාන්තශාලාවේ ඇති කන්දක්සේ ගොඩගසා ඇති දැව ගොඩ ඉවත්කර ගන්නා ලෙසත්, මෙහි වාහන හැසිරවීමේ කාර්්‍ය සදහා අරක්ෂකයෙකු යොදන ලෙසත් දැනුම් දී තිබුනද එය නොසළකා ක්‍රියා කිරීමේ ප්‍රතිථලයක් ලෙස මෙවැනි සිදුවීම් වලට මුහුණ දීමට සිදුවී ඇති බවත් ඒ මහතා තවදුරටත් පැහැදිළි කරන ලදී.
අයිස් පටවා ගෙන යන වාහනයට නොව මෙම ස්ථානයේ සිට පයින් යන්නෙකුට වුවද දුම්රියක් පැමිනෙන හඩක් ඇසෙන්නේ නැත. මන්ද මෙම කර්මාන්ත ශාලාවේ අයිස් කඩන ශබ්දය නිසා වෙනත් ශබ්දයක් කනට වැටෙන්නේ නැත.

මරුකැදවන දුම්රිය හරස් මාර්ග යනුවෙන් අපි මීට පෙරද මීගමුවේ දුම්රිය හරස් මාර්ග විවිධ හේතුමත අවධානම් තත්වයේ පවතින ආකාරය පිළිබදව සදහන් කර ඇත. එසේම වගකිවයුතු අය හමුවී සාකච්ඡා කර ඇත. නමුත් සියල්ල තවමත් වෙනසක් සිදුවී නොමැත.මේ තත්වය වෙනස් කිරීමට වගකිවයුත්තන් ක්‍රියාමාර්ගයක් නොගතහොත් හෙට දිනයේද මෙවැන්නක් සිදුවීම අරුමයක් නොවනු ඇත. DSC_0991 DSC_0996