පලතුරු තාක්ෂණික ප්‍රදර්ශනය ජුලි 7දා සිට

0
319
f22cc1f29a19b6d2323b2476987ea373_Lජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ශ්‍රමශක්ති වැඩපිළිවෙළට සහයෝගය පල කරමින් හොරණ කණන්විල පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය විසින් සංවිධානය කරන පලතුරු තාක්ෂණික ප්‍රදර්ශනය 07දා සිට 09දා දක්වා එම පර්යේෂණ ආයතනය පරිශ්‍රයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
පලතුරු ප්‍රදර්ශනය 07දා පෙරවරු 9.00 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, කෘෂීකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු මැති ඇමතිවරු රැසකගේ සහභාගීත්වයෙන් විවෘත කිරීමට නියමිතය.
මෙම පලතුරු තාක්ෂණික ප්‍රදර්ශනයේ දී පලතුරු අලෙවි කිරීම, පලතුරුවලින් සකසා ගන්නා ආහාර පාන මෙන්ම පලතුරු පැළ අලෙවි කිරීමත් පලතුරු වගාව පිළිබඳ තාක්ෂණික දැනුම ලබා  දීමත් සිදු කෙරේ.
එමෙන්ම  පලතුරු වගාවේ දී පටක රෝපණ තාක්ෂණ භාවිතය අස්වැන්න නෙලීම හා ගබඩා කිරීම, රෝග පළිබෝධ පාලනය වසවිසෙන් තොරව පලතුරු ඉදවීම, අපනයනය සඳහා පලතුරු නිපදවීම මෙන්ම ආහාර සුරක්ෂිතතාව වැනි කරුණු ගණනාවක් කෙරෙහි මෙම ප්‍රදර්ශනයේ දී අවධානය යොමු කර ඇත.