බත සැපයු කුඹුරු යායක් පුරන්වූ හැටි

0
286

(18.58pm) අස්වද්දන   කුඹුරු  යායක්  පුරන්  වන්නේ  නම්  එය  විශාල  අපරාධයකි.  මන්ද   ජනතාවගේ  කුසගිනි   පිරවීමට  එමගින්  විශාල  මෙහෙයක්  සිදුවන  බැවිනි.
කුරණ  ප්‍රදේශයේ  සිට  මහහුනුපිටිය  දක්වා  දිවෙන  බිම්තීරුවක   තිබී ඇත්තේ  විශාල  කුඹුරු  යායකි.  මෙම  කුඹුරු  යායට  වතුර  සපයා  ඇත්තේ කුඩා  අඩි  4ක  පමණ  ඇල  මගකින්  බව  මෙහි  ගොවිතැන්  කටයුතු  කළ  පැරණි  ගොවි  මහතෙක්  පැවසීය.
ඇල  මීට  පෙර   කුඩාවට  තිබුණ නමුත්   මෙපමණ පළල්  වී ඇත්තේ  දැනට වසර ගණනකට පෙර ඇල සුද්ද කිරීම සදහා කරන ලද හෑරීමකිනි.   ඇල  කුඩාවට තිබූ නිසා  වතුර  කෙලින්ම  කුඹුරු  වලට  ලබාගැනීම පහසුවෙන්  කරගත  හැකිවූ  බවත්,   පසුව  මෙම  ඇල  විශාල  කළ  නිසා  මේවනවිට  කුඹුරු  කළ  නොහැකි  ලෙස  ඇලේ  වතුර  ගමන්  කිරීම  නිසා  සියළු කුඹුරු  මේ  වනවිට  පුරන්වී  ඇතිබවත්  ඔවුන් පවසන  ලදී. මෙම ගැටළුව මතුවූයේ නිමල් ලාන්සා නගරාධිපතිවරයා වී සිටි කාලයේ  සිදුකරන ලද ඇල හෑරීමක් නිසා බවත් ඇල  නිසි  පිළිවෙලකට   බැඳ  වතුර  කුඹුරු  වලට  ලබාගැනීමට  හැකිවන සේ සකස්කර  දෙන  බවටත්   නිලධාරීන් පොරොන්දු වූ  බවත් මෙම කුඹුරු හිමියෙක් පවසන ලදී.

DSC_1142 DSC_1139