මීගමුවේ අති සාර්ථක රථවාහන සැලැස්මට අකුල් හෙලන කල්ලිය කව්ද ?

0
57

 

Outside-lead-1-traffice-police(6.30 am ) මාර්ගවල එක දිසාවකට ගමන්කිරීමට නීතියක් පනවන්නේ ඇයිද යන්නට පිළිතුර වන්නේ දෙදිසාවෙන්ම වාහන ගමන්කිරීමේදී ඇතිවන තදබදය වළකා ගැනීමට බව තර්කයකින් තොරව පිළිගතහැකි කාරණයකි. මීගමු නගරයේ පවතින ඉතා කලබලකාරී තත්වය සහ තදබදය වළක්වා ගැනීම උදෙසාද එක දිසාවකට ගමනාගමනය යොදාගෙන ඇත්තේ ඉහතකී කරුණ පදනම් කරගෙන වියහැක.
නමුත් සමහර අය මෙයට අකමැති වන නමුත් සමහරු කැමැත්ත ප්‍රකාශ කරති. ඒනිසා මේ සම්බන්ධව පවතින අදහස් දැනගැනීමට මෙම ප්‍රධාන මාර්ග දෙපස ව්‍යාපාරික කටයුතුවල නියැලී සිටින ව්‍යාපාරිකයින් බහුතරයකින් මේ පිළිබදව අදහස් දැනගැනීමේ උත්සාහයක යෙදුනෙමු.
මෙහිදි ඔවුන් විසින් ඉදිරිපත් කරන්නට යෙදුන පොදු අදහස වුයේ මෙවැන්නකි

දැනට ක්‍රියාත්මක වන වන්වේ ක්‍රමයට අපි කැමතියි. එසේම වාහන ගාල්කිරීම සදහා දෙපැත්තේම ඉඩ සලසාදීම නිසා එය ව්‍යාපාරික කටයුතු සදහා පහසුවක්. මීගමු නගරයේ තත්වය අනුව කළහැකි දේවල් ගොඩක් තියෙනවා. ඒඒ තැන්වලට අදාලව දිසාවන් පෙන්නුම් කිරීම සදහා අවශ්‍ය සටහන් යොදා විධිමත් ලෙස මේවා සකස් කරන්නේනම් හොදයි. එසේම වන්වේ මාර්ගයෙහි ඇතුළුවන තැන පොලිස් නිලධාරියෙකු වරුවකට හෝ සිටීනම් හොද බවයි ඔවුහු පෙන්වා දුන්හ.

මේ අතර අප හමුවු ඇතැමෙකු මෙසේද කියා සිටියහ.
වන්වේ නිසා තම ව්‍යාපාරික ආයතනයට ඒමට සිදුවී ඇත්තේ වටරවුමක් ගොසිනි. ඒනිසා අකමැත්තක් තිබෙන නමුත් පොදුවේ හැමදෙනාටම මෙය හොද දෙයක් නිසා ප්‍රශ්ණයක් නැති බවය.

ත්‍රිවිල් රියදුරන් අතරින් කිහිප දෙනෙකු සමග කළ සාකච්ඡාවේදී මතුවු අදහස වූයේ තමන් වන්වේ ක්‍රමයට අකමැති බවයි. එයට හේතුව ලෙස ඔවුන් දක්වා සිටින්නේ අවශ්‍ය තැනට එන්නට වටයක් කැරකීමේදී වැඩි පෙට්‍රල් ප්‍රමාණයක් වැයවන බවයි. වෙනදා මෙන් කෙටි මාර්ග වලින් ගමන් කිරීමේ අපහසුව නිසා තමන් මෙයට අකමැති බවයි.
මේ ගැන නම් අරුමයක් ඇතිකර ගත යුතුව නැත්තේ අද මහ මග විනයක් නැතිම රියදුරන් පිරිසෙන් අති බහුතරයක් නියෝජනය කරනු ලබන්නේ ඇතැම් ත්‍රිරෝද රථ රියදුරන් විම නිසාය.

කෙසේ වෙතත් මිගමුව තුල අතිසාර්ථක ක්‍රියාත්මක වෙමින් ඇති තනි අතට ගමන් කරන රථවාහන සැලැස්මට එරෙහිව ඉතා සුළු පිරිසක්  දැනට කටයුතු කරගෙන යමින් ඇති බව වාර්ථා වේ.
අතිබහුතරයක් දෙනාගේ මහත් වු ප්‍රසාදයට ලක්ව ඇති මේ සාර්ථක රථ වාහන සැලැස්ම ඉවත් කිරිමට කව්රුන් හෝ කටයුතු කරන්නේ නම් ඔහු හෝ ඇය සිහිබුද්ධියක් ඇත්තෙකු නොවිය යුතුය.
මන්ද ප්‍රජාතන්ත්‍රවාදය යනු සුලු තරයකගෙ විරෝධය වෙනුවෙන් තින්දු ගතයුතු පාලනයක් නොවන නිසාය