රෝහල් තාප්පයේ ඇඳුන ටියුෂන් කුරුටු ගී

0
298

DSC_1155 මීගමු  රෝහලේ   තාප්පයෙහි    වෙනදා  ඇලවෙන්නේ   විවිධ  දේවල්   ප්‍රචාරය කිරීම  උදෙසා  වන  පෝස්ටර්ය. නමුත් මේ වනවිට  එහි  ටියුෂන් පංති  වල  වෙළ  දැන්වීම්  සහ  ඊට අදාල  වන  පින්තූර  ඇද  ඇත.  තාප්පය ජරාවට  තියෙනවට  වඩා   මේ  වැඩේනම්   හොදයි  කියා  කෙනෙකුට  කල්පනා  කළ හැක.  තාප්පයේ  අතරින්  පතර  ජලභීතිකාව,  ඩෙංගු  වැනිරෝග  පිළිබදව  දක්වා  පින්තූර  ඇද  ඇති  නමුත්   ඉහතකී   ටියුෂන්    දැන්වීම්   මේ  අතරින් මතුවී  පෙනෙයි.

රෝහල  ,  පංසල,  පාසැල   යන  ආයතන  වලට  ඇති   අනන්‍යතාවය   ගැන කල්පනාකාරී  විය යුත්තේ   මේවායේ   කාර්්‍යයන්  එකිනෙකට  වෙනස්  බැවිනි .පාසැලේ  තාප්පයක   රෝහලක  අඩංගු  දේවල්  නිරූපනය  වුවහොත්   එහි ගැලපීමක්   තිබේයැයි  කිසිවෙකු  නොකියනු  ඇත.  එහි  අනෙක්  පැත්තද එසේමය.

අප  ටියුෂන්  වලට  විරුද්ධ  නොවෙමු.   නමුත්  යම්  ප්‍රතිලාභයක්  සදහා  හෝ    ඉහත  කී  පරිදි  රෝහල්  තාප්පයේ  සිංහල,   විද්‍යාව, දේශපාලන විද්‍යාව, ගනිතය,ECON,  ACCOUNTING ,  BIOLOGY  යනාදී  වශයෙන්   විවිධ විෂයන්  පිළිබදව  සදහන්  කොට  තාප්පය  හැඩ  කිරීමෙන්  පසු  මෙය  දකින විදේශිකයෙකුට  නම්  හැගෙන්නේ  මේ  ටියුෂන්  පංතියක්  යනුවෙන්  මිස
රෝහලක්  ලෙස  නොවනු  ඇත.

මෙය  ඇද  සෙවීම  මුල්  කරගෙන   කරන  සදහනකුත්  නොව.  විවිධ  අදහස්  මේ පිළිබදව  ඉදිරිපත්විය  හැක.  අද  රටේ  රෝහල්  පමණක්  නොව  වෙනත්  ඕනෑම  අංශයක   රජයේ  ආයතනයන්හි  පැවැත්ම  පිළිබද  ප්‍රශ්ණ  තිබෙන  බව  අපි
දනිමු.  ඒවා  නඩත්තු  කර  ගනීමේදී   මුල්‍යමය  ප්‍රශ්ණ  මතුවන  බවද  අපි දනිමු.   නමුත්  මෙවැනි  කටයුත්තකදී   ලැබෙන  ප්‍රතිලාභයට  වඩා  සිදුවන අනන්‍යතා  ප්‍රශ්ණය  වැදගත්බව  අපගේ  විශ්වාසයයි.DSC_1161(1) DSC_1154(1)DSC_1159