තායි ගුහාවේ හිරවුණ දරුවන් බේරාගැනිමේ මෙහෙයුම දිගටම ! පළමු දරුවන් තිදෙනා එලියට !

0
68

Screenshot from 2018-07-08 17-58-07සති 2 කක් පුරා තායි ගුහාවක සිරවි සිටින දරුවන් බේරාගැනිම සදහා වන තිරාණාත්මක මෙහෙයුම අද ඇරඹිණි. වයස අවුුරුදු 12 න් පහල පාපන්දු කණ්ඩායමක දරුවන් 12 දෙනෙකු සහ ඔවුන්ගේ පුහුණුකරු මේ අය අතර වෙයි.
මුළු ලෝකයේම අවධානයට යොමුව ඇති මේ සිදුවිම ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතනය සිය ප්‍රමුඛ පුවතක් බවට පත්කරගෙන තිබේ.
අල්ජසිරා ආයතනය මිට සුළු මොහොතකට පෙර වාර්ථා කොට තිබුනේ දරුවන් බේරාගැනිමේ මෙහෙයුම විසින් දැනට පළමු දරුවන් තිදෙනාව ගුහාවෙන් එළියට ගෙන රෝහල වෙත යොමුකර ඇති බවයි.
මේ ස්ථානය සමිපයෙන් මාධ්‍යකරුවන් ඉවත් කර තිබෙන බවද වාර්ථා වේ.
එහෙත් දුරස්ථ දර්ශන උපුටා දක්වන මාධ්‍ය ආයතන විසින් වාර්ථා කොට තිබුනේ දැනටමත් බේරාගත් දරුවන් තිදෙනා රැගත් ගිලන් රථ 2 කක් ගිය එම ස්ථානයෙන් නික්ම ගිය බවයි.