අධ්‍යාපන සුදුසුකම් නැති තරුණ කම්කරුවෙකු ගැන කොමසාරිස්වරියගේ වැඩි උනන්දුවක් !

0
147

bribery(6.30 am ) මීගමු නගරසභාවේ සේවය කරන ගයාන් සහ දයාන් වෙනස්වෙන්නේ එක අකුරකිනි. ගයාන් යනු 2011 වසරේදී සෞඛ්‍ය අංශයට අදාල ව්‍යාපෘතියේ කම්කරුවෙක් ලෙස සේවයට බදවා ගන්නා ලද අයෙකි. දයාන් එවිට මීගමු මහ නගරසභාවේ නාගරික මන්ත්‍රී වරයෙකි. ගයාන් කම්කරුවෙකු වුවද P H I මහත්වරුන්ගේ ලග ඔවුන්ගේ ආරක්ෂාවට සිටීමට ඉන්නට සලස්වයි. ඉන්පසු ටික කලකින් මොහුව ස්ථිර කරයි. නමුත් ඔහු එළියට නොගොස් හොදින් ඇදපැළදගෙන ඇතුලේම සිටියි.

මේ අතර මංඤඤාක්කා හේන සුසාන භූමියේ සුසානභූමි භාරකරුගේ පුරප්පාඩුවකට මොහුට පත්වීමක් ලබා දෙයි. නමුත් මේසදහා සුදුසුකම් ලෙස දක්වා තිබුනේ අ. පො. . සා. පෙළ සමත්විය යුතු බවය. ටික කලකින් ආයතන අංශයෙන් පරීක්ෂා කිරීමේදී මොහු විසින් සපයන ලද අධ්‍යාපන සහතික හොරට හදනලද ඒවා බව විභාග දෙපාර්ථමේන්තුව මගින් කරන ලද පරීක්ෂණ වලින් ඔප්පුවී ඇත. මේ අවස්ථාවේ එවිට සිටි නගරාධිපති ඔහුගේ සේවය අත්හිටුවන ලදී.

නමුත් පසුව නියෝජ්‍ය නාගරික කොමසාරිස්වරිය සහ දයාන් ලංසා මේ තැනැත්තාගේ පරීක්ෂණ සදහා ඉඩ නොතබමින් සියල්ල යට ගසා තවත් මාස 3ක් ඇතුලත යළිත් ඔහුව සේවයේ පිහිටුවිමට කටයුතු කරයි
මීගමු නගරසභාවට ස්ථිර පත්වීම් පහකට සුදුස්සන් තේරීම සිදුවූ අතර එම 5 දෙනාගෙන් එක් අයෙකු ලෙස මේ පුද්ගලයා ස්ථිර කම්කරුවෙකු ලෙස බදවා ගනිමින් නැවත සුසානභූමියේ භාරකු ලෙස පත්වීම කොමසාරිවරිය පියවර ගනි
මොහුගේ කූට ලේඛන සැකසීම වැනි කරුණු විභාග කරනවා වෙනුවට ස්ථිර පත්වීමක් දීම පිළිබදව විමසූ අවස්ථාවේ ඉහත කී බලධරයෝ ප්‍රකාශකළේ මේ සදහා අඩු සුදුසුකම් මෙවර සළකා බැලූ හෙයින් මේ තනතුරට පත්කළ බවයි.
එමෙන්ම දයාන් ලංසා නාගරික මන්ත්‍රීවරියෙකු  ලෙස ලබාගෙන ඇති  යතුරුපැදියද  දැනට පාවිච්චි කරන්නේද මේ ගයාන් නැමැත්තා බවද කියැවේ ..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here