වෛද්‍ය ඉන්ද්‍රජිත් පනාවැව් මහතා විසින් වෛද්‍ය කවුන්සියලයද නොමග යවමින් සිදු කර ඇති වෘත්තිය විෂමාචාර ගැන වහා ක්‍රියාත්මක වන ලෙස ඉල්ලමින් මේ දිනවල මීගමුවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා වෙත මෙරට මානව හිමිකම් සහ කාන්තා සංවිධාන ලිපි යවන්නට පටන්ගෙන ඇත.
පහත පලවන්නේ එවන් ලිපියක අකෘතියකි.
ගරු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි තුමා
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්්‍යාලය,
මහා නගර සභාව,
මීගමුව 2012.11.21
මීගමුව, කුරණ ප්‍රදේශයේ ලියාපදිංචිය නොමැති වෛද්‍යවරයෙකුගේ
නීති විරෝධී වෛද්‍ය සේවාව පිලිබ`දවයි
ගරු මහත්මයානෙනි,
දැනට වසර 02 කට පමන පෙර සිට මීගමුව , කුරුණ දුම්රිය පොල ආසන්නයේ රජයේ වෛද්‍ය සභාවේ හිටපු උසස් නිලධාරී දෛව්යවරයෙකු ලෙස කටයුතු කල සහ මේ වන විට මීගමුව බන්ධනාගාරයේ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරන ඉන්ද්‍රජිත් පනාවැන්න මහතාගේ පෞද්ගලික වෛද්‍ය ආයතනයේ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරන වෛද්‍ය සභාවේ ලියාපදිංචි නොමැති වෛද්‍යවරයාගේ නීති විරෝධී සේවාව පිලිබදව දැනුම්දීම පිණිස මෙම ලිපිය ඔබ වෙත මෙලෙස යොමු කර සිටිමු.
නො 7 – තුන්වන කුරණ යන ලිපිනයේ ඇති මෙම පුද්ගලික බේත් ශාලව නම් කර ඇත්තේ ආරෝග්‍යා මෙඩිකල් සෙන්ටර් යනුවෙනි.
මෙම පුද්ගලික බේත් ශාලාවේ බේත් තුණ්ඩුවල වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ නම් සදහන්ය.
එක් අයෙක් වෛද්‍ය ඉන්ද්‍රජිත් පනාවැන්නය( ලියාපදිංචි අංකය -14748) අනෙක කෙනා වෛද්‍ය ඉන්දික එස්.බාලසුරිය වේ. ( ලියාපදිංචි අංකය -22692)
වෛද්‍ය සභාවේ ලියාපදිංචි නොවු මෙම වෛද්‍යවරයා නමින් සුදර්ශන බාලගේ ය. 2007 වසරේ නොවැම්බර් 12 වැනි දින මීගමු රෝහලේ 06 වන මහලින් වැටී මරණයට පත් වූ චමිලා නැමැති ඇගඵම් කම්හල් සේවිකාවගේ මරණය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු වන්නේද මෛ වෛද්‍යවරයාය.
මේ වන විට ඔහු රක්ෂිත බන්ධනාගාර ගත වී සිට ඇප මත නිදහස් වී සිටී. එලෙසම මෙම මරණය සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගය මීගමුව මහාධිකරණයේදී ෙමි වනවිටත් විභාග වෙමින් පවතී. මෙම ඇගළුම් කම්හල් සේවිකාවගේ මරණය සිදු වන විට මෙම සැකකාර වෛද්‍යවරයා මීගමුව රෝහලේ සීමාවාසික වෛදවරයෙකු ලෙස සේවය කර ඇති අතර වෛද්‍ය සභාවේ ලියාපදිංචියට තවත් සති දෙකක පමන කාලයක් ඉතිරි වී තිබීනි. එහෙත් ඒ වන විට මෙම මරණය සිදු වී ඔහුව ප්‍රධාන සැකකරු ලෙස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කල අතර ඒ හේතුවෙන් ඔහුට රජයේ වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමට නොහැකි විය.
1.වෘත්තිය විරෝධි ක්‍රියා පමණක් නොව විෂමාචාර ක්‍රියා කිපයක් සම්බන්ධයෙන්ම චෝදනා ලැබ සිටින එමෙන්ම අයෙක් වෙත පුද්ගලික ඛෙහෙත් ශාලාවක් පවත්වාගෙන යෑමට අවසර දිමෙන් වෛද්‍ය පනාවැන්න මහතා බරපතල වැරැද්දක් කර ඇත.
2.වෛද්‍ය සභාවේ ලියාපදංචි නොවි පුද්ගලික ඛෙහෙත් ශාලාවක සේවය කිිරිම හරහා සුදර්ශන බාලගේ සිදුකර ඇත්තේ වෛද්‍ය සභා නිතිය පැහැදිලිව උල්ලංගනය කිරිමයි.
3.තමන් ලියාපදංචිය සදහා ඉල්ලූම් කිරිමේදි ඒ සදහා තමන්ට ලැඛෙන්නට නියමිතව තිබුන ලියාපදිංචි අංකය වු 22692 තමන්ගේ නම ව්‍යාජ ලෙසින් සකසා ගනිමින් වෛද්‍ය ඉන්දික එස් බාලසුරිය නමින් යොදාගෙන ඇත.
මේ සම්බන්ධයෙන් අප කල විමසුමකදි වෛද්‍ය සභාවේ සහකාර රෙජිස්ටාර්වරයා පවසා සිටියේ මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් වෛද්‍ය සභාවටද යොමුකරවන ලෙසය.
මේ සම්බන්ධයෙන් කඩිනම් පියවරක් ගැනිමට ඔබ තුමා කටයුතු කරනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු.
පිටපත් -..
ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාව
පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක
ෙජ්්‍යෂ්ඨ පොලිස් අධිකාරී-මීගමුව
නියෝජ්‍ය පොලිස් අධිකාරී-මීගමුව
මුලස්ථාන පොලිස් පරීක්ෂක -මීගමුව
අනුනායක ගරු පැටි්රක් ප්‍රනාන්දු පියතුමා