T 56 කින් අහසට වෙඩි තැබීමෙන් පමණක් වර්ජකයින්ගේ පහරදීම පොලීසියට පාලනය කළ හැකිද ? – විත්තියේ නීතිඥවරයා අසයි

0
129

(16.07)  රොෂෙන් චානක ඝාතන නඩුව/  2018  ජූලි 18/
කලාපේ ගැටුමේදී උ.පො.ප. දේශාන්ත T 56  කින් වෙඩි තබන බව හිටපු දිවුලපිටිය පොලිස්  ස්ථානාධිපතිවරයා හඳුනා ගනියිP1070616 new

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටි  පාලන කාලය තුළදී  නිදහස් වෙළද කලාපයේ කම්කරුවන්ගේ විශ්‍රාම වැටුප් අයිතිය උදුරා දමමින්  ක්‍රියාත්මක කරන්නට හැදූ පනතට එරෙහිව කම්කරුවන්  විසින්  පෙළගැසී දින ගණනක් කටුනායක ප්‍රදේශය ආසන්නය විරෝධතා දක්වන ලදී. මෙම විරෝධතා මැයි 24 වනදා සිට කලාපය අවට පැවැත්විණි.  මෙහි උග්‍ර අවස්ථාව වන මැයි 30 වනදා කම්කරුවන් විසින් දියත් කළ මහා විරෝධතාවයට පොලිසිය විසින් සිදුකරන ලද අමානුෂික පහරදීම් හා වෙඩි තැබීම් වලින් අවසන් වූ අතර එහිදී රොෂේන් චානක නමැති තරුණ කම්කරුවෙකු මිය යන ලදී. එමෙන්ම තවත් මංගල සම්පත් යන කම්කරුවෙකු ද වෙඩි වැදීමෙන්  ලත් බරපතල හානි හේතුවෙන් ඔහුගේ ජීවිතය අවසනාවන්ත තත්ත්වයකට ගොදුරු වීය. මේ සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගය  ඊයේ (18) වනදාත් මීගමුව මහා අධිකරණයේදී මහා අධිකරණ විනිසුරු අමල් රවීන්ද්‍ර රණවිරාජ් මහතා ඉදිරියේදී විභාග විය. මෙහිදී සාක්ෂි දීම සදහා අධිකරණය ඉදිරියේ පෙනී සිටියේ ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  යසනාත් රවීන්ද්‍ර වීරක්කොඩි  විජේවර්ධන මහතා සහ එවකට දිවුලපිටිය  පොලීසියේ ස්ථානාධිපතිවරයාව සිටි පොලිස් පරීක්ෂක බෙන්තර වේල්ලගේ  දේශබන්ධු සේනානායක යන මහත්වරුන් වේ.
මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා එදින  පෙ.ව.7.00ට පමණ  10 දෙනෙක්ගෙන් යුත් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සමග කටුනායක පොලීසියට පැමිණ උසස් පොලිස් නිලධාරීන්ගෙන් ලැබුණ උපදෙස් මත ක්‍රියාත්මක වූ බව පවසන ලදී. මෙහිදී ඔහුගේ කණ්ඩායමේ  උප පොලිස් පරීක්ෂකවරුන් 2ක් සිටි බවත් සහ පොලිස් සැරයන් , පොලිස් සහායක සේවා සහ පොලිස් කොස්තාපල්වරුන්ගෙන්ද සමන්විතවූ බව පවසන  ලදී.  පැමිණිලි පාර්ශවයේ නීතිඥ ගග මහතා විසින් දේශබන්ධු මහතාගෙන් ප්‍රශ්න කර සිටියේ මිනුවන්ගොඩ පොලීසියෙන් පැමිණෙද්දී රැගෙන ආ දේවල් මොනවාද යන්නයි. ඒවා යකඩ හෙල්මට්, බැටන් 08 බැගින්, කදුලු  වායු වර්ග සහ කදුළු වායු අවි  , මෙගා ෆෝන් 2කක් කටුනායක පොලීසිය වෙත පැමිණෙද්දී රැගෙන ආ බවත් කදුලු වායු අවි සිය ජීප් රථයේ තබා තිබූ බවත් ඒ මහතා තවදුරටත් පවසන ලදී. ඒ අනුව දිවුලපිටිය පොලීසියේ සිට පැමිණෙන විට ඔවුන්ගේ කණ්ඩායමේ කිසිවෙක් අත  ගිණි අවි තිබී නොමැති අතර ඒක් වීඩියෝ දර්ශනයක මිනුවන්ගොඩ පොලීසියේ හිටපු උප පොලිස් පරීක්ෂකවරයෙකු වන දේශන්ත මහතා අත  වෙළද කලාපය ඉදිරිපිටදී  T 56 වර්ගයේ ගිණි අවියකින් වෙඩි තිබෙන දර්ශනයක් සහිත විඩියෝවක් පෙන්වන ලදී.
මෙම නඩුවේ පැමිණිල්ලේ පාර්ශවය වෙනුවෙන්  නිතිපති දෙපාර්තමෙන්තුව නියෝජනය කරමින්  පෙනී සිටින අධිනීතිඥ උදාර කරුණාතිලක  මහතා විසින් නඟන ලද ප්‍රශ්න වලට ඔහු විසින්  මෙසේ පිලිතුරු දෙන ලදී.
ප්‍ර- ඔබ එදින (මැයි 30)  කීය  වෙනකම් එම ස්ථානයේ රැඳී සිටිය? – පි – රාත්‍රී 09 තෙක්
ප්‍ර – ඔබ දිවුලපිටිය පොලීසියට නැවත ගියේ කීයටද? – රාත්‍රී 10 පමණ

(වීඩියෝ දර්ශනයක් පෙන්වමින් ) මෙම වීඩියෝවේ සිටින දේශාන්ව  හදුනා ගත හැකිද ? – ඔව්
ප්‍ර – මෙම නිලධාරියා සමග ඔබ කොපමණ කලක් සේවය කළාද ? –  මාස කීපයක් සේවය කළා.ඔහු ප්‍රජා පොලිස්  ස්ථානාධිපති ලෙස තමයි සේවය කළේ.
(නැවතත් වීඩි යෝ දර්ශනයක් පෙන්වමින් ) මෙතන උප පොලිස් පරීක්ෂකවරයෙක් ඉන්නවා ඔහු දේශාන් බව පේනවා ද- ඔව්
ප්‍ර – ඔහු  T 56 වර්ගයේ අවියක් අත්දෙක අස්සේ  තියාෙගන ඉන්නවා පෙන්වාද ? – එහෙමයි
ප්‍ර – වීඩියෝවේ ඉන්න නිලධාරියා කවුද ? – දේශාන් නේද ? – ඔව්
ප්‍ර – ඔබ දුටුවා දේශාන් නම් නිලධාරියා  ගිනි අවියකින් වෙඩි තබනවා. – ඔව්
ප්‍ර  – ඔබ දන්නවා ද මේ ගිණි අවිය ඔහුගේ අතට ආවේ කොහොමද කියලා?- නෑ

මෙහිදී විත්තිය  වෙනුවෙන් පෙනී සිටින අධිනීතිඥ උදාර කරුණාතිලක   මහතා  නැගූ හරස් ප්‍රශ්න

ප්‍ර – මැයි 30 වනදා දහවල් 12න් පස්සේ  තිබුණ තත්වයේදී එම ස්ථානයේදී පොලීසිය සී සී කඩ වූ අවස්ථාවේදී එවන් තත්ත්වයකදී මහත්මයා දන්නවා ද? තමුන්ලාගේ සහයට  පොලීසිය කැදවනවා කියලා ? පි – එය උසස් නිලධාරීන්ගේ වගකීමක්
ප්‍ර – විරෝධතාකරුවන්ගෙන් සමහර අය  කම්හල් ඇතුළට රිංගනවා දැක්කද ?
පි-  මම හිටියේ ඒ ආසන්නයේ මීටර් 100ක 200ක දුරින් වගේ (ඒ වෙද්දී මම හිටියේ ප්‍රධාන ගේට්ටුව අසල පොලීසිය පැත්තට ) පොලීසිය පළවාහරින විට ඒ අය ගේට්ටුවෙන් ඇතුළට දිව්වා ආයතන ඇතුළටත් ගියා.
ප්‍ර- ඒ අය ඇතුළේ සිට ගල් ගැහුවද ? – දැක්කා
ප්‍ර – ඒ ගල් ගැසීම් නවත්වන්ඩ  පොලිස් නිලධාරීන් මොනයම් හෝ පියවරක් ගත්තද ? – පි – පොලිස් නිලධාරීන් මාර්ග වල ගැවසුණා
ප්‍ර – එහෙම ගැවසෙමින් ඒ ගල ගහපු නිලධාරීන් නවත්වීමට පියවර ගන්නවා දැක්කද ? – විරෝධතාකරුවන්ව අරගෙන එනවා දැක්කා.
ප්‍ර – දේශාන්ත කියන නිලධාරියා T 56 වර්ගයේ  ගිණි අවියකින් වෙඩි තබනවා ඔබ වීඩියෝවේ දැක්කා – පි – එහෙමයි.
ප්‍ර කවුද  නියෝගය දීලා තිබුණේ කියලා දන්නවා ද? –  නැහැ
ප්‍ර – අවසාන විකල්පයක් ලෙස පොලීසියට පුලුවන්ද අහසට වෙඩි තබලා  තත්ත්වය පාලනය කරන්ඩ ? එවැනි භයංකාර අවස්ථාවකදී  එවන් තත්ත්වයක් යටතේ පොලිස්           නිළධාරීයෙක්ට උඩට වෙඩි තබන්ඩ පුලුවන්ද?  පි –  සාමාන්‍යයෙන් තත්ත්වය වෙනස් වෙනවා.
ප්‍ර – 7000ක් පමණ වර්ජකයෝ පහර දෙන්ඩ එනකොට T 56 කින් අහසට වෙඩි තැබීමක් පමණක් කළ හැකිද ? – පි – පොලිස් නියෝග තිබෙනවා.
ප්‍ර අහසට වෙඩි තැබීමේ නියෝගයක් නෑ කියලා මම යෝජනා කරනවා.


”වෙඩි වැදුණ රොෂේන් චානක මා සමඟ කතා කරමින් රෝහලට ගියේ – රථය පදවාගෙන ගිය උ.පොලිස් පරීක්ෂකවරයා සාක්ෂි දෙයි

රොෂෙන් චානක සැමරේ….