මීගමුව මහනගර සභාෙව් V.I.P කොමිස් මන්ත්‍රි කව්ද??

0
147

මීගමුවේ බහුතරයක් නාගරික මන්ත්‍රිවරුන් ගේ  ආදායම වන්නේ කොමිස් සහ මාටියා ගැහිල්ලය.   මේ ඇතැම් දෙනා උදේ වරුවේ නගර සභාවට වි කැරකවෙන්නේ දවසේ  වියදම හොයාගන්නටය.

මේ අසරණ මාටියා  කාරයන්ට අමතරව මේ  සභාවේ  VIP  මාටියා කාරයොත්  සිටිති . මන්ත්‍රි ලපයි සිපයිලා වේදා වේල හොයාගනිද්දි VIP මන්ත්‍රි මාටියා ගහන්නේ එක  සැරේම   මාසෙකටම  ගතමන්ට් එක එකපාර හොයාගන්නටය.

මේ නත්තල් සමයේ මීගමුවේ මහනගර සභා භූමිය විවිධ සේල් සදහා ඉහල මිලකට ලබාදිමට හැකියාවක් තිබේ.  එය නිසි ලෙසින් සංවිධානය කරගන්නේ නම් ඉන් නගර සභාවට ලොකු අආදයමක් ලබාගත හැක.

එහෙත් මෙවර මේ නගර සභා භූමිය එක්තරා VIP මාටියා නාගරික මන්ත්‍රිවරයෙක් විසින් කල් ඇතිවම වෙන්කර ගෙන ඇත.   කිසියම් අයෙක් හට නගර සභා භූමිය වෙන් කරගැනිමට   අවැසි නම් යා යුත්තේ අර මන්ත්‍රි හරහාය. ඔහු නියම කරන මිලට එය ගත යුතුය.මේ බිස්නස් එක කරගෙන යාමට නගර සභාවේ තමන්ගේ ම හෙංචයියෙකුට පවරා ඇත.මීගමු මහනගර සභාවේ ම්න්ත්‍රිවරු 26 දෙනාගෙන්ම මෙවන්   ගැහිලි සදහා පුර්ණ අනුග්‍රහය  ඇත්තේ ඔහුටම පමණි.