(10.00 am ) මීගමුව මහනගර සභාවේ මෙවර පාලනය බිහිවන්නේ ජනතා කැමැත්ත තුල නොව වෙළෙන්දන් පිරිසකගේ උවමනාව මතය.
වෙලෙන්දා කරන්නේ ඉල්ලුමට සැපයුම ලබාදිමය.
මේ අනුව ලංසා පවුලට මීගමුව මහනගර සභාවේ බලය ගැනිමට අවැසි වු කල්ලි විශාල මුදලක් වැය කරමින් මන්ත්‍රිවරුන් කිපදෙනෙකුගේ සහය ඉල්ලා සිටි අතර ඉල්ලුම් සැපයුම් න්‍යාය මත එය පසුව තින්දුව විය.
මේ අනුව විවිධ කාරක සභා සදහාද සභාපතිවරුන් පත්කෙරුණේ මේ අනුවය.
ඊසාක් නම් මන්ත්‍රිවරයා පත්වන්නේ මොනරාගෙනි. වාසි පැත්තට කවදත් හොයියා කියපු මන්ත්‍රිවරයෙකු ලෙසින් මුස්ලිම් ප්‍රජාව තුල මෙන්ම පොදුවේ මිගමුවේද ප්‍රසිද්ධ මේ මන්ත්‍රිවරයාට කර්මාන්ත කාරක සභාවේ සභාපතිකම ලැබේ.
මොනරා යනු රජයේ ඇමතිවරයෙකු වන රිෂාඩ් බදුර්දින්ගේ පක්ෂයයි. එහෙත් ඔහුගේ මිගමු ගෝලයා රජයට එරෙහිව මුස්ලිම් ජනතාව නිරන්තරයෙන්ම පිඩාවට පත්කරන රාජපක්ෂලාගේ පිළ තෝරා ගනි.
එතනින් නොවනවතින ඊසාක් මන්ත්‍රිවරයා දැන් කියන්නේ තමන්ටද කොන්ත්‍රාත් ලබාදෙන ලෙසය.
ඔහු දැන් දළුපත පාරකින්ම වැඩපටන් අරගෙන තිබේ.
මීගමුව නගර පාලනයේදි වෙලෙන්දෝ හැසිරෙන්නේ එලෙසින්ය.