වෛද්‍ය කවුන්සිලය වැරැද්ද හදාගනියි…

0
133

තම කවුන්සිලයේ  ලියාපදිංචි නැති වෛද්‍යවරයෙක් 22692 යන ලියාපදිංචි අංකයක් භාවිතා කරමින් මීගමුවේ දි ප්‍රතිකාර ලබාදිම ගැනත් ඒ අදාල අංකය වෛද්‍ය කවුන්සිලයේ වෙබ් අඩවියේ දකුණු පස කෙලවරේ ඇති සෙවිම් කොටුවට ලබාදුන් විට කවුන්සිලයේ ලියාපංදිචි නැති වෛද්‍යවරයෙකුගේ නමක් එහි සදහන් වි තිබිම ගැන අප විමසු අවස්ථාවේ දි ලේඛකාධිකාරිවරයා පවසා සිටියේ ඒ ගැන තමන්ද  නොදැන සිටි බවත් එය වහාම  වෙබ් අඩවියෙන් ඉවත් කරගන්නා බවත්ය.

ඒ අනුව ක්‍රියාත්මක වි ඇති වෛද්‍ය කවුන්සිලය දැන් එය නිරවදි කරගත් බවත් අපි විසින් පෙන්වා දෙන තෙක් තමන් එය නොදැන සිටි බවත් අද දිනයේ අප කළ විමසුමකදි එහි ලේඛකාධිකාරිවරයා විසින් දන්වා සිටින ලදි.