මානව හිමිකම් බටහිර දෙයක් යයි කීම පිළිගත නොහැකියි. සරත් ඉද්දමල්ගොඩ පියතුමා !

0
219

Fr.sarath( 2.30 am ) ගරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් විසින් ඒකලදී කළ ප්‍රකාශයට මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක් දී තිබුනි. එම නිසා ආගම හා මානව හිමිකම් පිළිබදව යහපත් සංවාදයක යෙදීමට දැන් අවස්ථාව ලැබී ඇත.

මානව හිමිකමි පිළිබදව විශාරදයන් හැම විටම පවසා තිබෙනවා මානව හිමිකම් යන විෂය අළුත් දෙයක් නොවන බවත් එහි අන්තර්ගතය ධර්මය තුලම අඩංගු බවත්.

මානව හිමිකම් බටහිර දෙයක් යයි කීමත් පිළිගත නොහැකියි. බයිබලය තුල මිනිස් ගෞරවය පිළිබදව සදහන් දේ ඉතාමත් ගැඹුරැය. නමුත් බයිබලය බටහිර පොතක් නොවේ.

මම හිතන ආකාරයට ආගම් අදහන අය මනුෂ්‍යත්වයේ ගෞරවය රැකගත්තා නම් මානව හිමිකම් යන විෂය මතු නොවන්නට තිබුනා. බයිබලීය ඉගැන්වීම් අදහන අය පවා තමන්ගේ ආගමික (ධර්මයට අනුකූල) වගකීම ඉටු නොකරපු නිසා තමයි මානව හිමිකම් විෂය මතුවෙලා ආවේ.

එසේ තම ආගමික වගකීම්වලට නායකයින් සංවේදීව සිටියා නම් පසුගිය කාලේ දේශපාලඥයින් විසින් මානව හිමිකම් කැඩු සහ අහිසංක මිනිස්සු මරා දැමූ අවස්ථාවන්හිදී නිහඩ පිළිවෙතක් අනුගමනය කලේ ඇයි? කොයි ආගමික නායකයාද ඊට එරෙහිව හඩක් නැගුවේ?

කෙසේ වූවත් ආගම සහ ධර්මය අතර වෙනසක් දකිනවා. ආගමික නායකයන් පවා අද ධර්මයට සංවේදී නැහැ. මානව හිමිකම් ක්‍රියාධරයන්ගේ, කම්කරුවන්ගේ, ධීවරයින්ගේ, මාධ්‍ය වේදීන්ගේ, තරැණයින්ගේ, දමිලයන්ගේ, මුස්ලිම් වරුන්ගේ මානව හිමිකම් කඩ කරද්දී ආගමික නායකයන් පවා නිහඩව හිටියා.

කටුනායක රොෂේන් චානක හලාවත් ඇන්තනී උදාහරණ කීපයක් පමණි. එම අවස්ථාවලදී මානව හිමිකම් ක්‍රියාදරයන් නොසිටියා නම් එදා දේශපාලඥයින් විසින් කල අපරාධ අදටත් සැගවී තිබෙන්නට තිබුනි.

ඔව්හු නිහඩ වූයේ ධර්මය අමතක කර ඔව්හු ආගම රකින නිසයි. එවිට ඇතිවූ අඩුව පිරිමැසීමටයි මානව අයිතිවාසිකම් ගැන වැඩ කරන ක්‍රියාධරයන් ඉදිරියට එන්නේ.

දේශපාලඥයන් විසින් මනුෂ්‍ය ගෞරවය කෙලසද්දී ලංකාවේ ආගමික නායකයන් වූවද නිහඩ පිළිවෙතක් අනුගමනය කළ බැවින් ස්වෙච්ඡා සංවිධාන පෙරට ඇවිත් ඒ හිදැස පුරවපු එක මොන තරම් වටිනා දෙයක්ද?

මම හිතන හැටියට මානව හිමිකම් විෂය ආගමට (ධර්මය) අතර කිසි ප්‍රතිවිරෝධයක් නැහැ. ධර්මය අදහන අය තම වගකීම් නිවරදිව හදුණාගෙන
අවශ්‍ය වෙලාවට අවශ්‍ය අවස්ථාවලදී ජීවත්වනවා නම් කිසි ගැටළුවක් නැහැ.

අද තිබෙන ගැටළුව නම් ආගමික නායකයන් ධර්මයට සංවේදී නොමැතිකමයි. එවන් පසුබිමක මානව හිමිකම් ක්‍රියායාධරයන් අනවශ්‍ය විධියට විවේචනය කරන එක අසාධාරණ බව කිව යුතුය.
සරත් ඉද්දමල්ගොඩ පියතුමා