ඇමති මංගලට එරෙහිව පල්ලිවල විරෝධතා පවත්වනවා යැයි පුරසාරම් කි ලංසාගේ සැලැස්ම හබක්!

0
106

ලංසා සහ මහින්ද(8.30 pm ) ඒකාබද්ධ විපක්ෂය දැන් බරපතල අර්බුදයකට ලක්ව තිබේ. මේ තත්වය රටට වසං කිරිම සදහා ලැබෙන හැම අවස්ථාවක්ම යොදාගෙන තමන් ඉන්නවා යැයි පෙන්වා දිම සදහා අසාර්ථක උත්සාහක නිරතව සිටි.
පසුගිය දා කාර්දිනල් හිමියන් විසින් මානව හිමිකම් එපා යැයි කියමින් සිදුකරන්නට යෙදුන අාන්දෝලනාත්මක ප්‍රකාශය පිළිබදව ප්‍රතිපත්ති මුලික  දේශපාලනික ප්‍රතිචාරයක් සිය ට්විටර් ගිණුම මගින් ගොනු කර තිබුණි.
මංගල ඇමතිවරයාගේ මේ ප්‍රකාශය මුලික කොටගනිමින් ඒකාබද්ධ විපක්ෂය විශේෂ පුවත් පත් සාකච්ජාවක් පසුගිය දිනක කැදවා තිබුණි.එයට එක්ව සිටි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ විසින් ඇමති මංගලගේ ප්‍රකාශය හෙළාදැක තිබුණ අතර එයට එක්ව සිටි අරුන්දික සහ නිමල් ලංසා යන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් කියා සිටියේ මංගල ඇමතිතුමාගේ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා තුරු ලබන ඉරිදා සිට පල්ලිවල විරෝධතා පවත්වන බවයි.
එහෙත් මේ සම්න්ධයෙන් අප අද මිගමුවේ ගරු පියවරුන් කිපදෙනෙකුගෙන් මෙන්ම කිතුණු ක්‍රියාකාරින්ගෙන් විමසා සිටි අවස්ථාවේදි පල්ලිය විසින් කිසිදු විරෝධතාවක් සදහා තින්දුවක් ගෙන නැති බව වාර්ථා විය.
එකාබද්ධ විපක්ෂය විසින් කතෝලික පල්ලිය දඩමිමා කොට ගෙන විරෝධතාවයක් පැවැත්විමට වහසිබස් දෙඩුවද  මිගමුවේ ගරු පියතුමන්ලාගෙන් ඒ සදහා කිසිදු ප්‍රතිචාරයක් ලැබි තිබුනේ නැත.
මේ අනුව පල්ලිය විසින් හෙට දිනයේ කිසිදු විරෝධතාවයක් සංවිධානය කොට  නොමැත.එවැන්නක් සදහා කිතුණු සභාවේ කිසිදු නිළඅනුමැතියක්ද ඇත්තේ නැත .
මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මානව හිමිකම් සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයට අදාළව තමා පළ කළ අදහස තමාගේ පුද්ගලික මතය බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද (29)  පවසා  තිබුණි.
ඒකාබද්ධ විපක්ෂය විසින් පල්ලියවල විරෝධතා පවත්වන බවට වන ප්‍රකාශය ගැන ඇමති මංගලගෙන් මාධ්‍යවේදින් විමසා සිටි අවස්ථාවේදි ඔහු කියා සිටියේ කුඩුකාරයන් පිරිසක් එවැන්නක් පවසා ඇති බවත් ඒ අයගේ සහය ලබාගන්නේ තමා කාර්දිනල් හිමි ගැන දුක්වන බවය.

.මේ අතර මංගල සමරවීර අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශයට විරෝධය පළ කරමින්  එක්සත් ජාතික නිදහස් පෙරමුණ එක්ව මීගමුවේදි අද පස්වරුවේ විරෝධතාවක් පැවැත්වා තිබුණි.
මේ සදහා 100 කටත් අඩු පිරිසක් පමණක් එක්ව සිටිමෙන් පෙනි යන්නේ කතෝලික ජනයා මේ ප්‍රශ්ණය දේශපාලන බලවේගවල න්‍යාය පත්‍රයන්ට නතු කරගැනිමට කිසිදු ඉඩක් ලබාදිමට කටයුතු කර නොමැති බවය.
තතු මෙසේව තිබියදි කාර්දිනල් හිමිට ඉතාම සමිප සබඳතාවයක් ඇති හිටපු නියෝජ්‍ය ඇමති සරත් ගුණරත්න මහතා ආගම දඩමිමා කොට ගෙන ඒකාබද්ධෙ දේශපාලන න්‍යාය පත්‍රය පල්ලිය අස්සට ගෙනයාමට කිසිදු උත්සාහයක් නොගෙන සිටිම විසින් දේශපාලනයේ පරිණතභාවය ඉහලින්ම පෙන්නම් කර ඇතැයි කිතුණු සමාජ ක්‍රියාකාරිකයෙකු මිපුර අමතා මිට සුළු වෙලාවකට පෙර කියා සිටියේය.
දේශපාලනය යනු ලග නැමිල්ලක් නොවන බව සරත් ගුණරත්න තේරුම් ගෙන ඇත්තේ ඉතිහාසය තුල ඔවුන් ලැබු දේශපාලන පරිචය තුලින්ම විය යුතුයැයිද ඔහු තවදුරටත් අවධාරණය කර සිටියේය.

.