කාගෝ ඒජන්තයින්ගේ නිරුවත හෙලිකළ “මීපුර” ට මල් මිටක් !

0
87

අවුරුදු ගණනාවක් ඉතාලියේ කාගෝ ඒජන්තයින් 95%ක්ම කරගෙන ආ “හොර” “බොරු” සටකපට කං” නොබියව එළිදරව් කළ මීපුර වෙබ් අඩව්යට ඉතාලියේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින්ගේ ගෞරව පූර්වක ස්තුතිය මෙසේ පුද කරන්නෙමු. මෙය මීට පෙර කිසිම වෙබ් අඩවියකින් කතා නොකළ මාතෘකාවකි.
මී පුර හෙළිදරව්වෙන් පසු අැතැම් කාගෝ ඒජන්තවරු “හොඳ ළමයි” වී ඇත. (එය කොපමණ කාලයකට දැයි නොදනිමු) මීට පෙර ” ඕනෑ නම් අපෙන් බඩු දාපල්ලා නැත්නම් නිකං ඉදපල්ලා ” ලෙස තිබූ ලොකුකම්, රැස් ටිකක් අඩුවීඇත.e4a5244b4c25d7835bf33e77584fe5a1
කවදාවත් නැතිව “ටෙලිපෝන් වලට ආන්සර් කිරීමට පටන් ගෙන ඇත.
කියූ වෙලාවටම බඩු රැගෙන යාමටත් කියූ දිනයට ලංකාවෙන් බඩු දීමටත් පමණක් නොව “බඩු අඩු නම් කියන්න “යයි කීමට හුරුපුරුදු වී ඇත.
සිය අඩුපාඩු වැරදි හදාගැනීමට ජනතාවට යහපත් සේවයක් ලබාදීමටත් ඔවුන් නම්‍යශීලී වී ඇත.එවන් මිනිසුන්ට අප ගරු කළ යුතුය.
මීපුරට තර්ජනය කරන- බනින “පල් හොරු” ජනතාව හඳුනාගෙන ඔවුන් ප්‍රතික්ෂේප කළ යුතුය.මක්නිසාද යත් ඉදිරියටත් ඔවුන් “හොරය” “බොරුව” “කපටිකම “මතම සිය ව්‍යාපාර කරගෙන යෑමට උත්සාහා කරන “මෝඩ චන්ඩි” අය්යලා නිසාය.


ලාසියුස්   ක්‍රිස්ටෝපර් මිලානෝ