දකුණු ආසියාවේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයේ තරු මීගමුවේදි ගැලවේ.

0
146

දකුණු ආසියාවේ නිතියේ ආධිපත්‍ය හොදින්ම සුරැකුන රට ලෙසින් ශ්‍රිලංකාව  තෝරාගෙන ඇතැයි යන පුවතක් පසුගිය දිනක මාධ්‍ය මගින් ප්‍රචාරය කෙරුණි. ඒ පුවත විකාශය වි  උණුසුම යන්නත් කලින් එහි ඇත්ත තත්වය මුළු ආසියාවටත් ලෝකයටත් පෙන්වු සිදුවිමක් මීගමුවෙන් වාර්ථා විය.

අතුරැදහන් කිරිම් වලට එරෙහි ආසියානු සංගමය  විසින් එහි නියෝජිතයන්ගේ සුහද හමුවක් මීගමුවේ ලැගූන් විව් නම් කුරන  පිහිටි හෝටලයකදි පැවැත්විණි.නැටුම් ,ගැයුම් වැයුම් සමගින් පැවැති මේ සුහද හමුවේදි වාර්ථාමය විඩියෝ පටයක්ද ප්‍රදර්ශනය කර ඇත.

එහි අන්තර්ගතය වි තිබුනේ වාර්ෂිකව ඔක්තෝබර් 27 වනදා සැමරෙන අතුරැදහන් වුවන්ගේ දිනය පිළිබදවය.එයට අමතරව 1999 දි මහින්ද රාජපක්ෂ මහතා විසින් කරන්නට යෙදුන කථාවක කොටසක්ද ඇතුලත්ව තිබුණි.

මේ උත්සවය පැවැත්වෙමින් තිබෙන අතර තුරෙදි හෝටල් භූමියේ සැක කටයුතු ලෙසින් හැසිරුන පුද්ගලයන් කිපදෙනෙකුම නිරික්ෂණයට ලක්ව තිබුන අතර ඒ අතර මීගමුව ප්‍රදේශයේ නාගරික මන්ත්‍රිවරයෙක්ද විය.

රාත්‍රි 9 .15 ට පමණ උත්සවයට පැමිණ සිටි 1989 සිය පුතුන් අහිමිවු වයෝවෘද්ධ අම්මාරුවන් දෙදෙනෙකු පිටත් කර හැරිමට කොළඹ හලාවත ප්‍රධාන මාර්ගය ආසන්යට පැමිණි මානව හිමිකම් සංවිධානයේ  ක්‍රියාකාරින්ව   එහි රැදිසිටි පොලිස් නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන සිය ජිප් රථය තුලට නංවාගෙන තිබුණි.

ඉන් අනතුරුව එහි පැමිණ තිබුනේ සිය 8 හැවිරිදි පුතු කොළඹ පාසලේ උත්සයකට සහභාගිවිමෙන් ුඅනතුරැව යළි  කුරණ කටුනායක මෙතෝදිස්ත පල්ලියට පැමිණිමට  නියමිතව සිටි බැවින් ඔහු කැදවාගෙන ඒමට වාහනය ගැනිමට පැමිණි  රයිට් ටු ලයිප් මානවහිමකම් සංවිධානයේ ලේකම්වරයාය.

ඔහුගේ ජංගම දුරකතනයත් වාහනයේ යතුරත් ඉල්ලා ගත් පොලිසිය ඔහුට පවසා තිබුනේ පයින්ම ගොස් දරුවා රැගෙන එන ලෙසය.පසුව ඔහු එය ප්‍රතික්ෂේප කළ තැන පොලිස් ජිප් රථයක නංවාගෙන ගොස් දරුවා රැගෙන ඒමට පියවර ගෙන තිබුණි.අනතුරුව ඔහුෙග් පරිඝණකයද පොලිස් භාරයට ගෙන තිබුණි.

මේ තත්වය සැලවිමෙන් අනතුරුව මෙම උත්සවයට සහභාගි වෙමින් සිටි නිතිඥ මහත්වරුද මානව හිමිකම් ක්‍රියාධරයන්  එම ස්ථානයට පැමිණ පොලිස් නිළධාරින් හා උණුසම් වාග්  සංග්‍රාමයක පැටලන අුතර අදාල පිරිස් අත්අඩංගුවට ගැනිම් සම්බන්ධයෙන් වගකිම භාර ගන්නේ කව්ද යන්න මෙහිදි මානව හිමිකම් ක්‍රියාධරයන් විසින් නගා තිබුණ ප්‍රශ්ණය විය.

පසුව පොලිසියේ ඉල්ලිම මත එදින ප්‍රදර්ශනය කළ විඩියෝ පටයද උත්සවයේ සිටි නිතිඥ මහතුන් විසින් පොලිස් නිළධාරින්ට පෙන්වනු ලැබිය.

ඉහලින් ලැබුන නියෝගයක් මත මේ සියල්ල සිදුවු බව පසුව පපොලිසිය විසින් පවසා ඇතැයි වාර්ථා වේ.

මේ අවස්ථාව සදහා ආසියාවේ රටවල් 8 ක පමණ  නියෝජිතයන් සහභාගි වි තිබුන අතර  දකුණු ආසියාවේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය පවතිනවා යැයි කියාගන්නා  රටේ සුහද හමුවක් වත් පොලිස් මැදිහත්විමකින් තොරව සංවිධානය කරගැනිමට ඇති නොහැකියාව   අපුරූවට සිය රටවලදි පවසා සිටිනු ඇත.

මේ සමස්ථ සිදුවිම හෙළා දකිමින් අතරුදහන්කරවිම් වලට එරෙහි ආසියානු පදනම විසින්ද නිවේදනයක් නිකුත් කර තිබුණි.