කලපුව විනාශ කළ ලංසා පවුලට එකපාරටම කලපුව ගැන කැක්කුමක් ඇතිවුනේ ඇයි ? සැක සහිතයි !බලාගෙනයි !

0
616

1357841295_1!!-!!Negombo Lagoon 3

(11.am ) ප්‍රෙඩ් ඩේක්ස්ටර්  කෲස් යනු ලංසා නගර පාලනයේ අලුත්ම බිලිබෝයි මන්ත්‍රිවරයායි. ඔහු කථා කරද්දි හඩ ඔහුගේ වුවත් තිරය පිටුපස ඉන්නේ වෙනත් කෙනෙකි.
මේ ගැන සැකහැරම කියන්නට තරම් වු තවත් සාධක මතුවෙමින් ඇත්තේ මිගමුව කලපුව ගැන මෙලෝ මලදානයක් නොදන්නා මේ නාගරික  මන්ත්‍රීවරයා එකපාරටම කලපුව බේරාගැනිම ගැන යෝජනාවක් පසුගිය මහසභාවට ගෙන ඒම පිළිබදවයි.
කලපුව ගැන කලපුව තිරයේ සිටින එකදු මන්ත්‍රිවරයෙකු විසින් මතුනොකරන ලද යෝජනාවක් දැන් මේ මන්ත්‍රිවරයා විසින් ඉදිරිපත් කොට ඇත.
මේ පිටුුුපස ඇති කටුක ඇත්ත නොදන්නා ඇතැම් මාධ්‍ය බයියන් දැන් ප්‍රෙඩ් ඩේක්ස්ටර්  යනු කලපුවේ ගැලවුම්කාර යැයි සිතා සයිබර් අවකාශයේ වැල්වටාරම් ලියමින් සිටිති.
මින් එක් දෙයක් පැහැදිලිය . එනම් පසුගිය දවසක ප්‍රෙඩ් ඩේක්ස්ටර්  නාගරික  මන්ත්‍රීවරයා විසින් මාධ්‍යවේන් පිරිසකට සංවිධානය කර තිබුණ රාත්‍රි සාදයේ අරමුණ  එහි ඇතැමුන් විසින් ඉටුකරමින් තිබෙන බවය.

අප දන්නා තරමින් මිගමුව තුල මිගමුව කලපුව අති බිහිසුණු විනාශයකට මුල පුරා තිබුනේ පැවති රාජපක්ෂ ලංසා හවුල් පාලනය තුලදිය.
කඩොලාන අක්කර 8 ක් කපා විනාශ කිරිම

කඩෙලාන අක්කර 8 ක් කපා විනාශ කර දැමිම
කඩෙලාන අක්කර 8 ක් කපා විනාශ කර දැමිම

ඩන්ටි සහ බන්දුල නාඔටුන්න යන හිටපු නාගරික මන්ත්‍රිවරුන් ලවා නිමල් ලංසා එවකට නගරාධිපතිවරයා ලෙස මීගමුවේ හදවත බදුවු කඩොල් කැලෙන් අක්කර 8 ක් එහෙම පිටින්ම කපා ගිනි තබා විනාශ කර  තිබුණි.
එදා එයට එරෙහිවු මිගමුවේ එකම කණ්ඩායම වු මිපුර පුවත්පතට එරෙහිව නිමල් ලංසා විසින් දැවැන්ත විරෝධයක් දක්වා තිබුණි.
අපගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතා දැක්විමට පවා කටයුතු සංවිධානය කරනවා යැයි ඔහු එදා තර්ජනය කලේය.

කලපු තොටුපලක් හදන මුවාවෙන් වු ගුරුගේ බෝට්ටු සාවාරි යන්නට කාර්යාලක් ඉදිකර දිම

කලපු ජැටිය ගුරුගේට

විදේශ රටවල ආධාර මතින් කලපු ධිවරයන්ට තොටුපලක් හදන්නට යැයි දැවැන්ත මුදලක් වැය කරමින් ගුරුගේ හට සිය බෝට්ටු සවාරි යන්නට දැන් සුපිරි කාර්යාලයක් ඉදිකර දි තිබේ.
ලංසා විසින් සියලු විදේස්  ආධාර අවසන් වශයෙන් යොදාෙගන තිබුනේ එහි ප්‍රතිලාභ මිගමුවේ බදුගෙවන ජනයා හට පෙරලා ලැබෙනු වෙනුවට වෙනත් පුද්ගලික කණ්ඩායම්  වෙත ලැබෙන පරිදිය.
නගරයෙ අපද්‍රව්‍ය කලපුවට යැවිමට කටයුතු කලේ නිමල් ලංසාගේ නගර පාලනයයි.21මිගමුව කලපුවට නගරයෙ අසුචි මුදාහරින ලද අන්දම

මිගමු කාණු පද්ධතිය නිසි ලෙසින් නිමකලේ නම් නගර පුරා ඇති අපජලය කලපුවට බැස යා යුත්තේ නිවරදි ලෙසින් පෙරහන් කරමින්ය. එහෙත් ඒ සදහා පැමිණි මුදල් කලින් වියදම් කරගත් ලංසා පාලනය දැන් මුළු නගරයේම ඇති අප ද්‍රව්‍ය දැන් කලපුවට ඔහේ මුදාහරිිමින් තිබේ.එපමණක් නොව පසු ගිය කාලය තුල මුළු මිගමුවේම අසුචි මුදා හරින ලද්දේ ද මිගමුව කලපුවටය.ඒ කුරණ පිහිටා ඇති මළඅපවහන පද්ධතියේ නල මගින් දිය හොද ඇල ඔස්සේ කලපුවට මුදා හරිමිනි.

තතු මෙසේව තිබියදි දැන් ලංසා පාලනයට කලපුව ගැන ලොකු කැක්කුමක් ඇතිව තිබිම අප ගැඹුරින්ම තේරුම් ගත යුතුව අැත්තේ අර ගොනා හැරෙන්නේ පොල් පැලය කන්නට යැයි යන න්‍යායයේ පිහිටාය.
එහෙත් මෙය තෙරුම් ගැනිමට නොහැකි ඇතැම් එජාප මන්ත්‍රිලා පවා ලංසාලාග් මේ කූට උපායන් හොද වැඩ යැයි කියමින් ඔසාව තබන්නට දැන් සිටිම උඩගෙඩි දෙමින් සිටිති.
ඇතැම් බෝතල් පත්තරකාරයන්ද ඊට දෙවනි නැත.
එබැවින් ලංසා රාජපක්ෂ හවුල් පාලනය මේ දැන් අර අදින්නේ තවත් ගේමකට මිස කලපුවට ඇති ආදරය නිසා නම් නොවන බව දේශපාලකයන් කෙසේ වෙතත් කලපුවට සැබැ ලෙස ආදරය කරන සියල්ලොම තේරුම් ගත යුතුව ඇත.
ලංසා පාලනයට ඇත්තේ කලපු දූපත් වලට උඩින් කේබල් කාර් යවා හරි ගතමනාව හොයාගන්නට මිස ඉන් එහා ගිය කලපුව සුරකිමක් නම් නොවන බව හරි පැහැදිලිය.
ප්‍රෙඩ් ඩේක්ස්ටර්  නාගරික  මන්ත්‍රීවරයා යනු මේ කුප්‍රකට යෝජනා සදහා මේ අව්ස්ථාවේදි ලංසා පාලනය විසින් යොදාගනු ලබන බිලි බෝයිය.පසුගිය මහසභාවේදි කලපුව ගැන ලොකු කථාවක් කළ ප්‍රෙඩ් ඩේක්ස්ටර්  නාගරික  මන්ත්‍රීවරයා කඩොලාන ගැනද අගේ නරමින් කතා කලද ඔහු දැන් අතඔසවන්නේ ඒ සුන්දර කලපුවත් කඩොලානත් විනාශ කළ සිය සෑබැ හාම්පුතා වෙනුවෙනි ( ප්‍රෙඩ් ඩේක්ස්ටර්  නාගරික  මන්ත්‍රීවරයගේ නමට නායකයා වන්නේ කෙහෙල් ඇවරියේ ප්‍රධානියා වන නිතිඥ මෛත්‍රි ගුණරත්නය )