මිගමු බස්නැවතුම ඉදිකළ කොන්ත්‍රාත්කරුවන්ට නිමල් ලංසා පාලනයෙන් ලක්ෂ 161 ක පොල්ලක් ?

0
94

negambo-bus-terminal1_700_0ලංසා පාලනය විසින් මිගමුවට ඉටුකලා යැයි කියන දැවැන්ත ව්‍යාපෘති අතර නිතර උදම් අනන එකක් වි තිබුනේ මිගමුව බස් නැවතුම් පළය.
එහෙත් ලංසා පාලනය තුල එකට සිටි අති බහුතරයක් පවා කියා සිටින්නේ එය මිගමුව තුල පසුගිය කාලයේ ක්‍රියාත්මක වු අසාර්ථකම ව්‍යාපෘතිය බවයි.
කොටින්ම කියනවා නම් සිය මලයා පවා කියන්නේ අයියාගේ සුදු අලියා බස් නැවැතුම බවයි.
ඇති තතු එසේ වි තිබියදි තවත් එක් වැදගත් කරුණක් මිගමුවෙ බදු ගෙවන ජනයාට හට මතක් කර දිය යුතුව ඇත්තේ නිමල් ලංසාගේ උවමනාවට මිගමුව තවත් ණය කිරිම සදහා තවත් දැවැන්ත ව්‍යාපෘති රැසක් බැංකු ණය ගනිමින් ක්‍රියාත්මක කිරිමට ගනු ලබන උත්සාහයක්ද පසුබිමේ තිබියදිය.
මිගමුව බස්නැවැතුම ඉදිකිරිමේ ප්‍රධාන  කොන්ත්‍රාත්කරු වුයේ ස්කොවැර්මැක් ආයතනයයි. ඇස්තමේන්තු ගත මුදලේ ප්‍රමාණයට සුදුසුකම් සහිත ආයතනයක් ලෙසින් මෙය තෝරාගෙන තිබුණද පසුව නිමල් ලංසා පාලනය විසින් මෙයට වෙනත් ප්‍රාදේශිය කොන්ත්‍රාත්කරුවෙකු හට පවරන ලදි . ඔහු අදාල සුදුසුකම් නැති අයෙකු බව අප එදාම හෙළිකර තිබුණි.
මේ මගඩි කෙසේ වෙතත් දැන් වාර්ථා වන අලුත්ම සිදුවිම වන්නේ මෙම ඉදිකිරිමේ ප්‍රධාන කොන්ත්‍රාත්තුව ගත් සමාගමට රුපියල් ලක්ෂ 161 ක් ගෙවිමට ඇති නිසා ඔවුන් විසින් අධිකරණයේ නඩුවක් පවරා තිබිමය.
මේ නඩුව ගොඩින් බේරාගැනිමට කල්පනා කළ නගරාධිපති මලයා අයියාගේ අසාර්ථකම ව්‍යාපෘතියට ලක්ෂ 161 කොටස් වශයෙන් ගෙවිමට දැන් පොරොන්දුවි ඇත.
මිට වසර ගණනාවකට ඉහතදි රාජපක්ෂය රජය තිබුණ සමයේදි කරන්නට යෙදුන ව්‍යාපෘතියක කොන්ත්‍රාත්කරුවන්ට මුදල් ගෙවාගැනිමට නොහැකි වු නිමල් ලංසා දැන් මිගමුවෙ ලැජ්ජාවක් නැතිව  මිගමුවේ බදුගෙවන ජනයා ණය කිරිම සදහා තවත් වැඩිපොලියට ණයගෙන මුළු නගරයම අර්බුදයක පැටලවිමට අරඅදිමින් සිටි.

.