පොළවල් ටෙන්ඩර් කරන්නේ නැතිව 10% කප්පම් මෙහෙයුම දැන් ක්‍රියාත්මකයි !

0
49

bribery-1new(11.45 am ) මීගමුව මහනගර සභාව විසින් පොළවල් බදු දිම පිළිබදව මේ  දිනවල වැඩපිළිවෙල ක්‍රියාත්මකය. නිති ප්‍රකාරව නම් සිදුවිය යුතුව ඇත්තේ එය විවෘත ටෙන්ඩර පටිපාටියක් ඔස්සේ ඕනෑම අයෙකුට ඉල්ලුම් කළ හැකි තත්වයකට පත්කිරිමට පියවර ගැනිමය.
එහෙත් මිගමුව තුල දැන් ක්‍රියාත්මක කප්පම් පාලනය විසින් මේ පොළවල් බදු දිම සදහා ටෙන්ඩර් කරනවා වෙනුවට 10% ක් වැඩිකර එය පවත්වාගෙන යන අයටම දිම සදහා මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් පවති.
ඒ සදහා මන්ත්‍රිවරුන්ද පක්ෂ පාට බේදයකින් තොර ඇතැම් විට එක මිටට පෙළගැසුන අවස්ථා ඇති මිගමුව නගරය තුල අරුම පුදුම දේවල් සිදුවෙතැයි සිතිය නොහැක.
මේ පසුබිම තුල දැන් මිගමුවේ පුරවැසියන්ට සිදුව ඇත්තේ තම බදුමුදලින් පිස්සු කෙලින් දේශපාලන අධිකාරිය සහ පරිපාලන අධිකාරිය මෙල්ල කිරිම සදහා පෙරට පැමිණිමය.