කිසිම රටකින් අපේ මන්ත්‍රි කෙනෙක්ට වීසා එකක්වත් ලැබෙයිද ? 113 තියෙන පැත්තට බලය දෙන්න ඕනා ! වෙල්ගම කියයි !

0
82
kumara welgamaරට ආරාජික කරමින් මතුව ඇති අර්බුදය ගැන පසුගිය කාලය පුරාවට සිය අදහස්  නොබියව පළකළ අයෙකු ලෙසින් කුමාර වෙල්ගම මහතා කැපි පෙණුන අයෙකු විය.
ඊයේ දිනයේ පවා පාර්ලිමේන්තුව තුල සිදුව දේවල් මාධ්‍ය හමුවේද ඔහු පිළිකුලෙන් යුතුව හෙළා දැක තිබුණි.
එමෙන්ම ඔහු කියා සිටින්නේ කාට හෝ 113 ක් ඇති පැත්තට බලය ලබා දිම සුදුසු බවය.
කුමාර වෙල්ගම මහතාගේ ස්ථාවරය ගැන ada.lk වෙබ් අඩවිය මෙසේ සටහන් කර තිබේ..

“මහින්ද රාජපක්ෂ මහතා හෝ අනිත් පැත්ත වේවා බහුතර ඉන්න පැත්තට බලයදීම සුදුසුයි කියන එක මගේ හැඟීමයි. තවම හැබැයි ඒක හරියට සිද්ධවෙලා නෑ. ඒක කතානායකතුමාගේ දුර්වලකමක්. සීට් එකේ ඉදගෙන ඇගිල්ල තිබ්බානම් බෝඩ්එකට එනවා.මේ රට ගැන හිතන්න ඕන. කිසම රටකින් අපේ මන්ත්‍රීවරයෙකුට වීසා එකක් ලැබෙයි කියලා. මේක හරිම කනගාටුදායක තත්ත්තවයක්. අපි බලලොභී වෙන්න නරකයි. අපි විපක්ෂයේ වාඩි වුණත් ආණ්ඩුවේ වාඩි වුණත් බහුතර මතයට ගරු කළ යුතුයි. 113 තියෙන අයට ආණ්ඩු කිරීමට ඉඩ දිය යුතුයි. “