මීගමුව මහනගර සභාවේ බරපතල මුල්‍ය අර්බුදයක් ! වැඩ ඇණහිටින ලකුණු !

0
51

MC 2මිගමුව මහනගර සභාව ඉතාමත් ඉක්මනින් බරපතල මුල්‍ය අර්බුදයක් කරා ගමන් කරන බව අප මිට පෙර අවස්ථා ගණනාවකදිම මුතුකළෙමු.
මේ වන විට තත්වය තවත් දරුණු අතට හැරෙමින් තිබේ.
මේ පසුබිම තුල මේ වනවිටත් සංවර්ධන වැඩකටයුතු පවා නවතා දැමිමේ තත්වයක් මතුව ඇත්තේ ඒවා සිදුකරගෙන ගිය කොන්ත්‍රාත්කරුවන් හට මේ වන විටත් රුපියල් කෝටි ගණන්වලින් ගෙවිමට ඇති තත්වයක් මතුව ඇති නිසාය.
බැංකු අයිරා පිට අයිරා ගැනිමට සිදුවන තත්වයක් කරා දැන් මහනගර සභාවෙ මුල්‍ය අර්බුදය දරුණු වි තිබේ.
එක් දවසට එක වැඩක් යැයි කියමින් දැවැන්ත මාධ්‍ය සංදර්ශණ ඔස්සේ ක්‍රියාත්මක වු වැඩසටහන් සදහා වැය කරන්නට යෙදුන මුදල් අවිධිමත් පටිපාටින් ඔස්සේ ක්‍රියාත්මක වෙමින් තිබිම මේ තත්වයට හේතු වි තිබේ.