කඩොලාන කපා විනාශකර සෙල්ලම් පිට්ටනි හදන්නේ කාගේ උවමනාවකටද?

0
403

kadole destruction 2

මීගමුව  මුන්නක්කරයේ   රෙජිනපාර  අසල  දූපතේ ඇති  කඩොලාන  ශාඛ  කපාදමා    එම  ප්‍රදේශය   තුළ  පිට්ටනියක්  සෑදීමේ  උත්සාහයක  පිරිසක්  සූදානම්  වනු  පෙනේ.
මෙහි  අරමුණ  ලෙස  මතුකෙරෙන්නේ    ගමේ   පාසැලට  ක්‍රීඩා  පිට්ටනියක්   නැති හෙයින්  පිට්ටනියක්  ලබාගැනීමට  බවයි.
මීට  පෙර  මැණික්  ජාවාරම්  කරුවෙකු පැමිණ  මෙම  කඩොලාන  දූපත්  වලට  අයිතිවාසිකම්  කියමින්  ක්‍රියාත්මක  වූ  ආකාරය  අපි  දැක්කෙමු.  මේ දුපත පුද්ගලික ව්‍යාපාරිකයෙකු විසින් අයිතිකරගැනිමට මාන බලද්දි එයට එරෙහිව දැවැන්ත විරෝධයක මිගමුවේ ධිවරයන් ඇතුළු ප්‍රගති ශිලි ජනතාව එදා දියත් කර තිබුණි.
දැනුදු  ඔහු  තම  උත්සාහය  අතහැර  නැතිබව  සමහරු  පවසති.
මීට  පෙර  ලංසා  පාලන  කාලය  තුළද  අක්කර  8ක  පමණ  ප්‍රදේශයක   කඩොලාන  කපා දැමුවේ   එවැනිමවූ   යහපත්  අරමුණක්  ජනතාව  ඉදිරියේ  තබමින්ය. ඒ ලවණ ජලය පිරිසිදු කිරිම සදහා වන ව්‍යාපෘතියක් ගැන කියමිනි. එයට සැබැවින්ම පර්චස් 100 ක් පමණක් ප්‍රමාණවත් බව කියා තිබුණද එදා ලංසා පාලනය විසින් අක්කර 8 ක කඩොලාන එහෙම පිටින්ම විනාශ කර දමා තිබුණි.
සාමාන්‍යයෙන් ධිවරවෙකු හෝ සිය රැකියාවක් මස්අතු දැමිමට   කඩොල්  අතු  කිපයක්   කැපු  නිසා  ඔහු  අධිකරණයෙන්  දඬුවම්  ලැබූ  බව  අපි  අසා  ඇත්තෙමු.
කඩොලාන  පරිසරය  විනාශ   කිරීමට  එරෙහිව  නීතිය  කාටත්  එක  සමාන  වියයුතු  බව  ඉතිහාසයේ  සිදුවූ  දේවල්  විසින්  අපට  උගැන්වූ  පාඩමයි. නමුත්   මේ  සිදුවන  දේවල්  පිළිබඳව   අපට  සැක  උපදින්නේ  ජනතාව  ගොනාට  ඇන්දවීමෙන්  යම්  යම් දේ  මීට  පෙර  සිදුවූ  බැවිනි.kadole destruction 1

සමහර  හොඳ  අරමුණු  පිටුපස  ඇත්තේ   කුමන  අන්දමේ  අවශ්‍යතාවන්දැයි  වටහා  ගැනීමට  යම්  කාලයක්  ගතවනු  ඇත.  එවිට  පෙරහැර  ගොස්  අවසන්වී  තිබෙන්නට  පුළුවන.  ඉහත  සඳහන්  කළ  කඩොල්  කැපූ  ස්ථානයේ  දැනටමත්  අවට  සිටින  දරුවන්  පැමිණ  දුව  පැන  කෙළි  සෙල්ලම්  කරන  ආකාරය  අපි  දැක්කෙමු.මේ  දරුවන්ට  නිදහසේ  කෙළිදලෙන්   ගතකිරීමට  යම්  ස්ථානයක්  තිබීම  හොඳ  දෙයක්  බව  අපිද  අනුමත  කරන්නෙමු.    එසේම  ගොනා  හැරෙන්නේ  පොල්පැලේට  බව  අමතක  නොකළ  යුත්තක්  බවද  මෙහිදී  පැවසිය  යුතුය.