පිටිපන PHI කරවල මුදලාලිලාගේ පැත්තේද ? ජනතාවගේ පැත්තේද ?

0
55

closed-finger-on-keyboard-word-450w-574914433කරවල නිෂ්පාදනය කිරිම නිසා මේ වන විට ගැටළු රාශියක් පිටිපන ගම්වාසින් හට මුහුණු දිමට සිදුව තිබේ.කලක පටන් වරින් වර මතුව එන මේ ප්‍රශ්ණයට තවමත් කිසිදු ස්ථිරසාර විසදුමක් නැති බව ප්‍රදේශවාසි හු පවසති.මේ ගැන පළමු රාජකාරිය පැවරි ඇති ප්‍රදේශයභාර මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා ගැනද මේ වන විට ජනතා පැමිණිලි  රාශියක් ගලා එමින් තිබේ. ඒ ඔහු අදාල ප්‍රශ්ණයේදි හිටගෙන සිටින්නේ ජනතාවගේ පැත්තේද නැතිනම් කරවල මුදලාලිලාගේ පැත්තේ යන්න ගැනය.
කරවල නිෂ්පාදනය අාශ්‍රිතව පැනනැගි ඇති ගැටළුවලට විසදුම් සෙවිමට නම් අත්සන් මේපමණ ගණනක් ඇවැසි යැයි යන අන්දමේ  කිසිදු නිතික පදනම් නැති කාරණා කියමින් පැතිර යමින් ඇති මහජන පිඩාවට තවත් පිඩාවක් අදාල ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාද එක්කරමින් සිටින්නේ යැයි පිඩාවට පත්ව සිටින ජනයා පවසති.