රු කෝටි ගණනක් වැය කර තැනු කොමසාරිස් නිළ නිවස දැන් ප්‍රයෝජනයට ගන්නේ කව්ද ?

0
65

NGB commisionar 1මීගමුව මහනගර සභාවේ දේශපාලන අධිකාරිය මෙන්ම පරිපාලන අධිකාරියද අතදිගහැර මහජන බදු මුදල් වැය කිරිමට රුසියෝය.
පැවැති කොමසාරිස් පාලන කාලය තුල රුපියල් කෝටියකටත් වඩා වැය කරමින් ඉදිකරන්නට යෙදුන නාගරික කොමසාරිස් නිළ නිවස කිසිවෙකුත් ප්‍රයෝජනයට නොගෙන කාලයක් තිස්සේ ඔහේ තිබුනේය.
දැන් මහනගර සභාවේ විශේෂ ව්‍යාපෘතියකට පැමිණ ඇති පිරිසක් විසින් පාවිච්චි කරනු ලැබේ.
තතු මෙසේව තිබියදි ගිනි නිවන ඒකකයේ ප්‍රධානියා වෙනුවෙන්ද ලක්ෂ 70 ක් පමණ වැය කරමින් දැන් නිළනිවසක් ඉදි කිරිමට කටයුතු සිදුකරමින් තිබේ.
මෙසේ අතදිගහැර වැය කරන්නේ මහජන බදු මුදල්ය.
දේශපාලකයන්ද අතදිගහැර මහජන මුදල් කාබාසිනියා කරති. පරිපාලන අධිකාරියද ලෝස නැතිව මේවාට සහය පළකරති.මේ දෙගොල්ලන්ටම මහජන බදු මුදල් වලින් පිස්සු කෙලින්නට ඉඩ සැලසි ඇත්තේ කොන්ද පණ ඇති නාගරික මන්ත්‍රිවරුන් විපක්ෂයට හිග බැවිනි.
මේ සියල්ලන්ටම එරෙහිව රජයේ විගණන අංශයේ නිළධාරින් නිසි පියවර ගනු ඇතැයි අප දෑස් අයා බලාසිටින්නෙමු.