පොහොට්ටු නගරාධිපතිගේ පාසිකුඩා අයවැය සවාරියට එජාපෙන් 07 ක් ගිහිල්ලා !

0
233

Pasikudah-beach-Pasikuda--1443456141පසුගිය දා වත්තල ප්‍රාදේශිය සභාවේ පොහොට්ටුෙව් අයවැය පරාජය කිරිමට එජාපය ප්‍රමුඛ විපක්ෂ කණ්ඩායම සමත් ව තිබුණි.
ඒ පුවත දුටු සැණින් ඇතමෙකු මුහුණු පොතේ කොටා තිබුණේ වත්තලදි එහෙම වුණත් මිගමුවේද එහෙම වෙන්නේ නෑයි කියාය,
එයට හේතුව වි ඇත්තේ දැනට ආනදිමත් කාලයක සිට නිමල් ලංසාගේ දුරස්ථ පාලකයට යටත්ව සිටින එජාප මන්ත්‍රිවරුන් කිපදෙනෙකුම තවමත් එජාප නාගරික මන්ත්‍රි කණ්ඩායමේ සිටින බැවිනි.
මීගමුවවේ මහජන බදු මුදල් කාබාසිනියා කරන අන්දමේ මුල්‍ය පාලනයක් සහිත මිගමුවේ අයවැය සම්මත කරගැනිම වැලැක්විමට ඉඩකඩක් තිබුණද ඇතැම් එජාප මන්ත්‍රිලාගේ ප්‍රතිපත්ති ගරුක නොවන දේශපාලනය නිසා ලංසා පවුලට අභියෝගයක් කිරිමට ඇති ඉඩකඩ තවමත් ඉටු කර ගත නොහැකි වු සිහිනයක් බවට පත්ව තිබේ.
කෙසේ වෙතත් ලබන සතියේ පැවැත්වෙන අයවැය ඒකමතිව සම්මත කරගැනිමට සිතා නගරාධිපති දයාන් ලංසා මේ වන විට පාසිකුඩා නගරයේ සුපිරි සවාරියක් යෙදි සිටි. ඒ සදහා එජපෙන්ද නාගරික මන්ත්‍රිවරුන් 7 දෙනෙුකු එක්ව සිටින බව සැලය.
මිට සතියකට පෙර අප විසින් මේ ගැන විමසා සිටි අවස්ථාවේදි මීගමුව එජාප ලේකම්  රවි ජිවානන්ද මන්ත්‍රිවරයා කියා සිටියේ එජාප නගාරික මන්ත්‍රිවරුන් 15 දෙනෙකු මේ සවාරියට නම් ලබා දි ඇති බවය.
කෙසේ වෙතත් දැනට මේ සාවාරියට සම්බන්ධ වි සිටින්නේ එජාපෙන් 7 දෙනෙකු පමණි.
මේ 7 දෙනා අතර පැරණි ජේෂ්ඨ මන්ත්‍රිවරුන් කිපදෙනෙකුද සිටින අතර ඒ ඇතැමෙක් හා නිමල් ලංසා අතර පවතින සමිප සම්බන්ධතාය ගැන අප විසින් ද අවස්ථා ගණනාවකදිම හෙළිදරව් කර ඇත්තෙමු.
මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන සහ නිමල් ලංසා එක්ව ගොඩනගාගෙන ඇති අශුෂ්ධ සන්ධානය මිගමුවේ එජාප නාගරික මන්ත්‍රි මණ්ඩලය තුල බෙදිමක් ඇති කිරිම සදහා නිරන්තරයෙන්ම ක්‍රියාත්මක මෙමින් ඇති බව එජාප ජේෂ්ඨයෝ මිපුරට පවසා සිටියහ.
කෙසේ වෙතත් 19 දෙනෙකුගෙන් යුත් එජාප මන්ත්‍රි කණ්ඩායමෙන් 7 දෙනෙකු මේ පාසිකුඩා සවාරියට එක්ව සිටිති.