සිරිසේනගේ අගමැති කුමන්ත්‍රණයේ ප්‍රථිඵල රාජ්‍ය අංශයටත් NSB, PLC, SLT ණය ශ්‍රේණියෙන් පහළට.

0
95

2018 11 09T181809Z 2119419422 RC1FF4B3F0A0 RTRMADP 3 SRI LANKA POLITICS

(3.30 PM) මූඩීස්, ෆිච් රේටිංග්ස් හා ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් යන ආයතන විසින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශීය ණය ශ්‍රේණිගත කිරීම පහළ දැමීමට කටයුතු කිරීමෙන් පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී හා ජාතික ඉතිරිකිරීමේ බැංකුව ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයකම ණය ශ්‍රේණිගතකිරීම් පහළ දමන්නට ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් කටයුතු කර තිබේ.

ජාතික ඉතිරිකිරීමේ බැංකුව හා පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී යන මූල්‍ය ආයතන දෙකෙහි දිගුකාලීන විදේශීය ණය ශ්‍රේණිගත කිරීම ‘B+’ සිට ‘B’ දක්වා පහත දැමීමට ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ආයතනය විසින් පියවර ගෙනඇති අතර බහුතර කොටස් හිමිකාරීත්වය ශ්‍රී ලංකා රජය සතු, ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී හි දිගුකාලීන විදේශීය හා දේශීය ණය ශ්‍රේණිගත කිරීම ද ‘B+’ සිට ‘B’ දක්වා පහත දැමීමට ෆිච් රේටිංග්ස් ආයතනය පියවර ගෙන තිබේ.

එලෙසම එළඹෙන වසරේ ජූනි මාසයේ දී කල්පිරීමට නියමිත ශ්‍රීලංකන් ගුවන්සේවයේ ඩොලර් මිලියන 175 ක වටිනාකමකින් යුතු රජය සහතික කරන ලද බැඳුම්කර ද ‘B+’ සිට ‘B’ දක්වා ශ්‍රේණියෙන් පහළ දැමීමට ෆිච් රේටිංග්ස් කටයුතු කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here