සමාජ සංවිධාන රැසක් හෙට එකම තැනකදී දැවැන්ත උද්ඝෝෂණයක !

0
239

poster 1

ඉතිහාසයේ රට මුහුණ දී ඇති බරපතල ම ව්‍යවස්ථා විරෝධී දේශපාලන කුමන්ත‍්‍රණය අබියස අප සිටිමු. එය, මේ මොහොත වන විටත් රටට අත් කර දී ඇති විනාශය සුළුපටු නැත.

එක් අතකින් ලොව ඉතා අපකීර්තිමත් ජාතියක් ලෙස නාමකරණය වන අතර රටක් ලෙස දරුණු ආර්ථික ව්‍යසනයක එළිපත්තට පැමිණ තිබේ. මෙතෙක් රැකගත් අවම ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය මහ දවල් බිඳ දමමින් අත්තනෝමතික දේශපාලන කල්ලියක උවමනාව මත රට අරාජිකව පවතී.Poster 2

මේ තීරණාත්මක මොහොතේ රටවැසියන් ලෙස සියලූ සටන් පෙරමුණු සමග ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනා ගැනීමේ ප‍්‍රමුඛ කාර්යයට අපි අවතීර්ණ වී සිටිමු. එහි පළමු පියවර ලෙස හෙට (දෙසැම්බර් 12) සවස 3.30ට කොළඹ ලිප්ටන් වටරවුමේ දී දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වේ. ඒ සඳහා මෙතෙක්, වෙන වෙනම සටන් කළ සියලූ සංවිධාන එක සටන් පෙරමුණක් ලෙස සහභාගී වීමට තීරණය කර තිබේ.Poster 3

මේ සඳහා සංවිධාන විශාල ප‍්‍රමාණයක් එකතුවී සිටී.අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව , අලූත් පියාපත් (The New Wings), අලූත් පරපුර ,
කාන්තාව හා මාධ්‍ය සාමුහිකය,චිත‍්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංසදය, දිදුලන හදවත(shining Heart) ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා සමනල්ලූ(,Butterflies for Democracy ) ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා මාධ්‍ය පෙරමුණ ,ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා මාධ්‍ය මෙහෙයුම,  මාරුතයේ හඩ,   යහපත් සමාජයක් වෙනුවෙන් ලේඛක ලේඛිකාවෝ, රයිස් අප් ශ‍්‍රීලංකා(Rise Up Sri lanka)  සමාජ සමානාත්මතාව සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරු ,වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය , ශ‍්‍රී ලංකාවේ කාන්තාවෝ(srilankan Women’s) සාධුජනරාව , සමබිම යන සංවිධාන ඇතුළුව  කලාකරුවන් සාහිත්‍යවේදීන් විද්වතුන් මෙන්ම සමාජ ක‍්‍රියාකාරීන් රැසක් මීට සහබාගිවීමට නියමිතය.