ශ්‍රිලනිපය අනාථවෙන ලකුණු ! තවත් පිරිසක් ඉදිරියේදි එජාපෙට එක්වෙති !

0
68

සිරා-ජනාධිපති සිරිසේන සහ මහින්ද රාජපක්ෂ එකතුව සිදු කළ ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණය පරාජය කිරීමෙන් පසුව එජාප ආණ්ඩුව පිහි‍ටුවා එය ශක්තිමත් කිරීමේ මෙහෙයුමක්ද දියත් විය.

ඒ අනුව අද දින පාර්ලිමේන්තුවේදී ශ්‍රිලනිප මන්ත්‍රීවරු වන විජිතමුණු සොයිසා , පියසේන ගමගේ, ඉන්දික බණ්ඩාරනායක, සහ ලක්ෂ්මන් සෙනෙවිරත්න යන ආය ආණ්ඩු පක්ෂයට එක විය. ඉදිරි දින කිහිපයේදී තවත් ශ්‍රීලනීපයේ සහ පොහොට්‍ටු පක්ෂයේ මන්ත්‍රීවරු ගනනාවක් ආණ්ඩු පක්ෂයට එක් වීමට නියමිතය.

පසුගිය සතියේ අවසන් දින කිහිපයේදී මේ මෙහෙයුම ආරම්බ වූ අතර මීට සජිත් ප්‍රේමදාස, මලික් සමරවික්‍රම සහ මංගල සමරවීර යන මන්ත්‍රීවරු සෘජුවම සහභාගී වී තිබිණි. මංගල සමරවීර ඇමැතිවරයාගේ කොළඹ නිල නිවසේදී මේ සාකච්ඡා ගන්නාවක් පැවැත්වූ අතර මෙයට රනිල් වික්‍රමසිංහ මහතාද සහභාගී වී තිබිණි. මෙම ශ්‍රී ලනීප කණ්ඩායම සමඟ ඉදිරි දේශපාලන කටයුතු සඳහා වන ප්‍රතිපත්තිමය එකඟතාවයකටද එළඹ තිබේ.ජනවාරි 08 යහපාලන පොරොන්දුව ඉ‍ටු කිරීමේ අභිලාශය ඇතිව ඊට පක්ෂපාත විශාල පිරිසක් ජනවාරි 08 මිතුරෝ නමින් සංවිධානාත්මක කණ්ඩායමක් ලෙස ආණ්ඩුවට සහය දිමට ඉදිරිපත් වන බව අප විසින් මීට පෙර හෙළි කරනු ලැබුවේය.

මේ අතර අද විජිතමුණි සොයිස මහතා ආණ්ඩුවට එක්වීම ශ්‍රීලනිපය දෙදෙරීමකට ලක්වීමට තරම් හේතුවක්ව තිබේ. පැරණි ශ්‍රීලනීප සාමාජිකයකු වන සොයිසා මහතා ශ්‍රීලනිපයෙ උප සභාපතිවරයකුද වීමත් ඔහු අද පාර්ලිමේන්තුවේ දී පැවැත් වූ කතාව ශ්‍රී ලනීප පාක්ෂිකයාගේ ඇස් ඇරවන්න සමත් වීමත් ඊට හේතුවී තිබේ. අනුර බණ්ඩාරනායක මහතා ශ්‍රී ලනිපයෙ උප සභාපතිවරයකුව සිටිය්දී එජාප ආණ්ඩුවට සහය දැක්වීමට පැමිණිමෙන් පසුව ශ්‍රි ලනීපයේ ප්‍රබලයකු එජාපයට සහය දැක්වීමට ඉදිරිපත් වූයේ මෙවරය. එසේම තවත් ප්‍රබල ශ්‍රීලනීප ජේෂ්ඨයන් ගනනාවක්ව ඉදිරි දින කිහිපයේදී ආණ්ඩුවට එක්වීමට නියමිත අතර මෙය ශ්‍රි ලනිපය මහා සෝදා පාලුවකට ලක්වීම ආරම්බවීමක් ලෙස සැලකිය හැකියි. මේ වන විට ශ්‍රිලනිපයේ තවත් පිරිසක් පොහොට්‍ටු පක්ෂයේද සාමාජිකත්වය ගෙන තිබේ,
මුලාශ්‍රය -lankadaily.com