පොහොට්ටු අයවැයට ඡන්දය දුන් මිගමුවේ එජාප මන්ත්‍රිලාට ජනතා විරෝධය !

0
157

Screenshot from 2018-12-23 13-20-21Screenshot from 2018-12-23 13-18-54Screenshot from 2018-12-23 13-18-35(2.30 pm ) මිගමුව මහනර සභාවේ පොහොට්ටු අයැවැයට ඡන්දය දුන් එජාප නාගරික මන්ත්‍රිලාට මේ වන විට යන හැමතැනකදිම විරෝධය එලවෙන්නට පටන් ගෙනය.
අගමැති දිවුරුම සමරා කුරණ කිරිබත් කන්නට ගිය අස්ථාවේදිද මෙසේ විරෝධය එල්ලවි තිබුණි.
එපමණක් නොව බලමණ්ඩලරැස්විමට අදාලව පැවැති  සංවිධාන කටයුතු පිළිබද රැස්විමකදිද  එහි පැමිණ සිටි එජාප ක්‍රියාකාරින් විසින් පොහොට්ටු අයවැයට අත ඉස්සු එජාප මන්ත්‍රිවරුන්ට සිය  විවේනය ඉදිරිපත් කර තිබුණ අතර නාගරික මන්ත්‍රි මණ්ඩලයත් සමගින් විශේෂ සාකච්ජාවක්ද අවැසි බව කියා ඇත.Screenshot from 2018-12-23 13-31-13
මෙසේ ඇතැම් එජාප නාගරික මන්ත්‍රිලා දයාන් ලංසාගේ පොහොට්ටු අයවැයට පක්ෂව ඡන්දය දිමට සුදානම් බව මුලින්ම එළි කළ මිපුරට එජාප මන්ත්‍රිලා දෙදෙනෙකු පසුගිය දා මහසභා රැස්විමේදිද බැන වැදි තිබුණි,
ඇන්ටනි ජයවිර නගරාධිපතිව සිටි සමයේදි මේ ඇතැම් එජාප මන්ත්‍රිලා ලබාගත් කොමිස් කුට්ටි ගැනද මේ වන විටද යළිත් වරක් ප්‍රසිද්ධියේ කථාබහකට ලක්වෙමින් තිබේ.
නිශාන්ත නැමැත්තෙකුට පොළ ලබාදිම වෙනුවෙන් වු මෙහෙයුමක් ගැන සහ මිගමුව මහනගර සභා භුමියේ ඉදිකරමින් ඇති සාප්පු සංකිර්ණය ඇතුළු පුස්තකාල ගොඩනැගිල්ලට ගොඩදමා ගැනිම වෙනුවෙන් එජාපෙ ඇතැම් නාගරික මන්ත්‍රිලා පඩුරු පාක්කුඩම් ගත් බවට විවිධ කථා දැන් පැතිර යමින් තිබේ.මේ ගැන වඩාත් ම හොදින් දන්නා පුද්ගලයා වන්නේ මිගමුවේ හිටපු ප්‍රධාන පුරවැසියාය යැයි මේ අතර කියැවේ .
මේ නිසා එජාපේ ඇතැම් නාගරික මන්ත්‍රිලා දැන් ගල උඩ කැත කළ බළලුන්ගේ තත්වයට පත්ව ඇති අතර මේ ගැන නිතරත්තරයෙන්ම අවදියෙන් සිට මිගමුවේ බදුගෙවන ජනයාට කරුණු හෙළිදර සිටින මිපුර වෙබ් අඩවියට දැඩි විරෝධයක්ද මේ වන විට මේ පිරිසගෙන් එල්ල වෙමින් තිබේ.
කවදත් ජනතාවගේ පැත්තේ සිට රටට පුවත් කියන මිපුර තවත් අළුත් හෙළිදරව් කිරිම් රැසක් නවවසරේදි සිදුකිරිමට බලා සිටින්නෙමු.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදි කොට්ටාශ 29 න් 19 ක් ජයගනිමින් ලංසා පවුලට මිගමුවේ එජාප ජනයා දුන් දැවැන්ත අභියෝගය මේ වන විට මේ වන ඇතැම් එජාප මන්ත්‍රිලා විසින් අමු අමුවේ පාවා දෙමින් තිබේ.
කප්පම් දි පාලනය ඩැහැගත්තා මදිවට ඉන් වසරක් වත් යන්නට මත්තෙන් මේ වන විට බහුතරයක් එජාප මන්ත්‍රිලාට නාස් ලණුව දාගැනිමටද දැන් ලංසා පවුල සමත් වි තිබේ.
නගරාධිපති දයාන් ලංසාට අවැසිව තිබුනේ කප්පම් දි ලබාගත් පාලනයට සුජාතභාවයක් පළමු අයවැයෙන්ම ඇතිකරගැනිමටය. එය කළ හැකි හොදම මග වන්නේ එජාපේ ආශිර්වාදයද මෙවර අයවැයට ලබාගැනිමය.පුරපති දායන් ඒ වෙනුවෙන් කළේ එජාපේ මන්ත්‍රින් පිරිසකට පාසිකුඩා වල සවාරියක් දිම පමණි.අපි විසින් සිදුවන්නට නියමිත දේ කල් ඇතිවම කියා සිටියෙමු.
මින් උරණ වු ගිහාන් බෙන්ජමින්ලා වැනි තක්කඩියන් තැන තැන කියමින් ගොස් තිබුනේ ඔහු පාසිකුඩා යන්නේ මිපුරට රිද්දවිමට බවය.
රෙද්ද !
එතනින් නොනැවතුන ගිහාන් බෙන්ජිමින් පසුගිය මහසභා රැස්විමේදි කියා තිබුනේ ඇතැම් මාධ්‍යවලට ඕනා අන්දමට තමන් දේශපාලනය නොකරන බවය. ඒ කිවේ අපටය.
මේ බෙන්ජමින්ට අපට කියන්නට ඇත්තේ ඔබ දේශපාලනය කරන්නේ කාට ඕන විදිහට දැයි දැන් රෙදි ගලවාම පෙන්වා දි හමාර බවය.
නගර සභාව විසින් නාගරික මන්ත්‍රින් වෙත ලබාදෙන ප්‍රතිපාදන පුරපති ඉදිරියේ දනින් වැටි ලබාගැනිමට දීනයන් වනවා වෙනුවට කළ යුතුව ඇත්තේ ඒ වෙනුවෙන් සටන් කොට ඒ අයිතින් තහවුරු කරගැනිමටය..
දරුවන් ට දිමට ලැබෙන පොත් ටික හෝ කොට්ටාශයකට ලැබෙන ප්‍රතිපාදන හෝ වලට  වැයවන මුදල් යනු ලංසා පවුල විසින් අනිතික ලෙසින් හම්බකරන ලද මුදල් වලින් දෙන ඒවා නොව ඒවා මහජන බදුමුදල් බව  එජාපේ ඇතැම් ජේෂ්ඨයැයි කියා ගන්නා මන්ත්‍රිලාට අපට මතක් කර  දිමට සිදුව තිබේ.
මහින්ද රාජපක්ෂලා ඒකාධිපතිවන් හැසිරෙද්දි ජනපති සිරිසේන දවස ගානේ පිස්සු කෙලිද්දි මේ මන්ත්‍රිලා නියෝජනය කරන පක්ෂය දින 51 ක් පුරාවට කළ සටනින් ලෝකයාට පෙන්වා දුන්නේ ඒ සටන්කාමි ශක්තියයි.
එමෙන්ම එජාපේ නායකයා අරලිය ගහ මන්දිරය අතහැර නොයන්නට ගත් තීන්දුව යනු මේ ජයග්‍රාහි සටනේ තීරාණාත්මක හැරවුම් ලක්ෂයයි.
එවන් නායකත්වයක සහිත පක්ෂය මිගමුවේ සිටින ඇතැම් එජාප  මන්ත්‍රිලාට සිටිය හැකිදැයි යළිත් වරක් ප්‍රශ්ණ කළ යුතුව තිබේ.

ජවිපෙ නාගරික මන්ත්‍රි මහතා
ජවිපෙ නාගරික මන්ත්‍රි මහතා

ලාංකික දේශපාලන පොළව තුල කවදත් ප්‍රතිපත්තිගරුක දේශපාලනයක නියැලෙන ජවිපෙ පමණක් මිගමුවේදි දායාන් ලංසාගේ පොහොට්ටු අයවැයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කර තිබුණි.