තමන්ගේ ඩිස්පැන්සරියේ දොස්තර ලියාපදිංචි නෑ.වෛද්‍ය පනාවැන්න පිළිගනියි.

0
138

IP address: 61.245.168.36 indrajithpanawenna@gmail.com යන විද්‍යුයුත් තෑපෑලෙන් සිය පිළිතුර අපට යොමු කර ඇති වෛද්‍ය ඉන්ද්‍රජිත් පනාවැන්න මහතා තමන්ගේ ද ලියාපංචි අංකය සහිත නිළමුද්‍රාවෙන් බේත් තුණ්ඩු නිකුත් කෙරෙන ආරෝග්‍ය මෙඩිකල්   සෙන්ටර් එකේ සිටින්නේ රජයේ ලියාපදිංචි වෛද්‍යවරයෙක්  නොවන බව පළමු වතාවට පිළිගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් අප විසින් කරන ලද නිරන්තර හෙළිදරව් කිරිම් හමුවේ තවදුරටත් නිරුත්තරව සිටින්නට නොහැකි වු තැන රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ ඉහල තනතුරක් දැරෑ පානාවැන්න මහතා  අපගේ සියළු හෙළිදරව් කිරිම් නිවරදි බව සිය පිළිතුර මගින් සනාථ කර තිබේ.

මේ පිළිගැනිමත් සමගින් වෛද්‍ය ක්ෂේත්‍රය තුල වෘත්තිය අචාර ධර්ම පිළිබදව ගැටළු රාශියක් මතුවෙන බවත් ඒ සම්බන්ධයෙන් දැන්වත් අදාල බළධාරින් ක්‍රියාත්මක විය යුතු බවත් නම සදහන් කිරිමට අකමැති වෛද්‍ය නිළධාරියෙකු අපට පවසා සිටියේය.

මේ ුඅනුව අපට පවසන්නට ඇත්තේ ජනතාවට වගකියන මාධ්‍ය කලාවක නිරත අපට කිසි විටකත් කිසිකෙනෙකු හට පුද්ගලිකව මඩ ගැසිමේ උවමනාවක් නැති බවය.

අප සඳ පෙන්වන විට ඇඟිල්ල දෙස නොව සඳ දෙස බලන්නට තරම් බුද්ධියක් පමා වි හෝ පනාවැන්න මහතාට ලැබිම සතුටට කරුණකි.