කුමන්ත්‍රණ ආණ්ඩුවේ ගුවන් විදුලි සභාපති සෝමේ යයි ! නිත්‍යාණුකූල සභාපති යළි වැඩභාරගනියි !

0
231

siddikකුමන්ත්‍රණ ආණ්ඩුව විසින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත්කරන ලද සෝමරත්න දිසානායක මහතාට ගුවන් විදුලිය හැර යන්නට දැන් සිදුව තිබේ.
ඒ එහි නිත්‍යාණුකුල සභාපති සිද්ධි එම් ෆාරුක් මහතා අද පෙරවරුවේ සිය තනතුරේ රාජකාරී ආරම්භ කිරිමත් සමගින්ය.
කුමන්ත්‍රණ ආණ්ඩුවේ ගුවන් විදුලි සභාපතිවරයා ලෙස කටයුතු කළ සෝමරත්න දිසානායක මහතා සහ  ප්‍රවෘත්ති අංශය භාරව සිටි ඉන්දික ජයරත්න නැමැත්තා ගුවන් විදුලියේ මෑත ඉතිහාසය තුල දුර්දාන්තම පාලනය ගෙන යමින් කළු පැල්ලමක් එක් කළ දෙදෙනා ලෙසින්  ගුවන් විදුලි ඉතිහාසයට එක්ව සිටිති.
මුදල් ගෙවිම් ලබන කෝන්ත්‍රාත් පදනමකින් ක්‍රියාත්මක වු පාර්ලිමේන්තු  දිනයන් හි සජිවි විකාශය මේ දෙදෙනා එක්ව හිතුවක්කාර ලෙසින් නවතා දැමිම මේ කළු ඉතිහාසයේ එක් සන්ධිස්ථානයකි.
මේ අමන ක්‍රියාව ගැන විමසිම සදහා පාර්ලිමේන්තුවට කැදවා තිබුණ සෝමරත්න දිසානායකට පසුව කථානායකවරයාගෙන් සමාව ඉල්ලිමට පවා සිදුව තිබුණි.
පසුගිය ඔක් 26 වෙනිදා ඇරඹි කුමන්ත්‍රණයෙන් පසු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡායාරුපයක් ගුවන් විදුලියේ නිවේදක විවේකාගාරය තුලදි  කඩාදමා පින්තුර වලින් පවා පලිගන්නා පිරිසක්ද එහි සිටි බවට  සලකුණු තැබු  බව  පිළිකුලෙන් යුතුව වුවද මෙහි සටහන් කළ යුතුව තිබේ.
ඉන්දික ජයරත්න නැමැත්තාගේ  හිතුවක්කාරි  රාජපක්ෂ ගැති මාධ්‍ය භාවිතාව ගුවන් විදුලියේ ප්‍රවෘත්ති අංශයේම මහත්මා දේශපාලනය අගයන සැමගේ පිළිකුලටද ලක්ව තිබුණි.
එහෙත් කාලින සිදුවිම් අංශයේ එක් අයෙකුගේ පාක්ෂික හැසිරිම් පසුගිය කාලය තුල සමාජ මාධ්‍ය තුලදි පැහැදිලි ලෙසින් විද්‍යාමාන වි තිබුණේ සිය වෘත්තියභාවය තුල පිහිටා කටයුතු කිරිමට නොහැකි අශිෂ්ඨයෙකු කාලින සිදුවිම් අංශය තුල සිටිනවා යැයි මාධ්‍ය සමාජයට හෙලිදරව්වක්ද කරමිනි.වෘත්තියභාවටය එහා යමින් ඉර පැන්න අයෙකු ලෙසින් ගුවන් විදුලියේ කාලින සිදුවිම් අංශය තුල එක් අයෙකුගේ අශිෂ්ඨත්වය පොදුවේ මාධ්‍ය සමාජය විසින්ම නිරික්ෂණය කොට තිබුණි.
රාජ්‍ය මාධ්‍ය තුල කටයුතු කරන එවන් රාජපක්ෂවාදි බත්බැලයන් පිළිබදව  ආදාල ප්‍රධානින් විසින් නිසි  පියවර ගතයුතුව තිබේ.. (ITN  රූපවාහිනියේ සිටින එවන් බත්බැලයන්ට නිසි දඩවුම් ලබාදිම ලබන සතිය තුලදි සිදුවිමට නියමත බව සැලය.)ITN issueITN
ඒ එකි ආයතනය තුල තම දේශපාලන මතයන් දරමින්ම වෘත්තිය භාවයක් සහිතව කටයුතු කළ ශිෂ්ඨ මිනිසුන් සහ ගැහැණුන් අගයනු සදහාමය එය කළ හැක්කේ  ඒ ඒ තැන්වල සිටි අශිෂ්ඨයන්ට නිසි දඩුවම් පැවරිම තුලින්ම පමණි.
මේ අතර කුමන්ත්‍රණ ආණ්ඩුවේ ගුවන්විදුලි සභාපතිවරයා වු සෝමරත්න ට එරෙහිව ශ්‍රිලංකා මානව හිමිකම් කොමිසමට මේ වන පැමිණිල්ලක්ද ඉදිරිපත්ව තිබේ.