හොරුන්ට ඉඩකඩ හදන මුදලිඳු මෙන්ඩිස් මාවතේ අනවසර රථ ගාල !

0
73

bike issue 2

මුදලිඳු  මෙන්ඩිස්  මාවතේ  පාපැදි,  යතුරුපැදි  සහ  ත්‍රීවිල්  ඇතුළු  වාහන  නතර  කරන  රථගාලක්  වශයෙන්  යොදා ගෙන  ඇති  නමුත්  ඒ  සඳහා  කිසිදු  නීතිමය  අවසරයක්  නැත.  එසේම   හොරුන්ට   මේ  තත්වය  හොරකම  සඳහා  අවසර  ලබාදුන්නා  හා  සමානය.  මන්ද  තමන්ගේ  රථය  නවතා  ගිය අවස්ථාවක  තමන්  ආපසු  මෙම  ස්ථානයට  පැමිණෙන  තුරු  එකී  රථයේ  ආරක්ෂාව  පිළිබඳව  සහතිකයක්  නැති බැවිනි.   අපි  මෙම  අවධානම  ගැනද  සඳහන්  කරමින්   අවස්ථා  ගනනාවක  මේ පිළිබඳව    ලිපි  පළකර ඇත. මීගමුව  පොලීසියද  මේ  සම්බන්ධව   ක්‍රියාත්මක  වන  නමුත්  නීතියේ  භාෂාව  මිනිස්සුන්ට  නොතේරීම  කණගාටුවට  කාරණයකි.  වාහන  ඇතුළුවීම   තහනම්යැයි  ප්‍රකාශවන  සංකේතය  මෙම  ස්ථානයේ  ස්ථාන  දෙකක  ප්‍රදර්ශනය  කර  ඇත. එසේම  මෙහි  වාහන  තැබීමට  නුසුදුසු  බව  පැවසෙන    ලැමිනේට්  කරනලද  කුඩා  දැන්වීම්  පුවරුවක්   මාරිස්ටෙලා   විදුහල්  තාප්පයේ  එල්ලා  ඇත.

පොලීසි   කිහිපයකින්   මාරුවෙන්  මාරුවට  රෝහල  ඉදිරිපිට  මාර්ග  ආරක්ෂාව  සපයන බව  මීගමු  පොලීසියේ  රථවාහන  අංශයේ  සේවයේ  නියුතු  නිළධාරි මහතෙකු   අප  සමඟ  පැවසීය.   මෙහි  වාහන  නවතා  යන  අය  සමඟ  කථාකරන විට  ඒ අය  විවිධ  පිළිතුරු  දෙමින්  තමන්  කරන  ක්‍රියාව  සාධාරණීකරනය  කරන  බවත්,  රෝහලට  යන  නිසා  ඔවුන්ගේ  එම  ක්‍රියාව  ඉවසා  සිටීමට  පොලීසියට  සිදුවී  ඇති  බවත්  ඔහු  තවදුරටත්  පැවසීය. මීට  පෙර  අවස්ථා  ගනනාවකදී   මෙහි  නවතා  තිබුනු   යතුරු  පැදි  හොරකම්  කිරීමට  හොරුන්  සමත්වී  ඇත.  සමහර    හොරුන්  අල්ලා  දඬුවම්  කිරීමට  පොලිසියද  සමත්වී  ඇත.  එසේ  තිබියදී  තවදුරටත්  මෙම  කටයුත්ත  සිදුවේ  නම්  අපට  කීමට  ඇත්තේ   රු.20ක්වැනි  මුදලක්  ගෙවීමට  අකමැති   නම්  රු.  ලක්ෂ  ගනනක  පාඩුවක්  දැරීමටත් ඔබේ  සූදානමක්  තිබිය  යුතුය  යන්නයි.