දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් අද කැපවෙන වැඩිහිටියෝ !

0
222

police 1police 2police 4

අද  දවසසේදී  (31දා )  කොච්චිකඩේ  පොලීසිය, කොච්චිකඩේ  මහ  විද්‍යාලය,  කැළණිය විශ්ව විද්‍යාලය,  සහ  රජයේ  විශ්‍රාමික  නිලධාරීන්  එකතුවී “ හෙට දවස”  නමින්   කොච්චිකඩේ  විදුහල්  භූමිය තුළ  පාසැල්  දරුවන්  දැනුවත්  කිරීම  උදෙසා  වැඩසටහනක්  පවත්වන  ලදී. මෙහි  අදහස  වූයේ  අද දවසේදී   මත්ද්‍රව්‍ය  භාවිතය  නිසා   විනාශවන   දරුවන්  එම  විනාශයෙන්  ගලවා  ඔවුන්ගේ  හෙට දවස  නිවැරදි  මගකට  යොමු කිරීමයි.   බස්නාහිර පළාත  සහ  උතුරු  දිසාව භාර   නියෝජ්‍ය  පොලිස්පති  දේශබන්ධු  තෙන්නකෝන්  මහතාගේ  මගපෙන්වීම  යටතේ    පාසැල්  මට්ටමින්  පැවැත්වෙන  මෙම  වැඩසටහන  දිවයින  පුරා  ක්‍රියාත්මක  කරන්නේ  මත්ද්‍රව්‍ය  නිවාරණ  කාර්්‍ය සාධක  බලකාය,  අන්තරායකර  ඖෂධ  පාලක  මණ්ඩලය,  කැළණිය  විශ්ව විද්‍යාලය, ශ්‍රී ලංකා පොලීසිය   යන  ආයතනවල  මෙහෙයවීමෙනි.Police 3police 5

මෙම  වැඩසටහන  සඳහා  ප්‍රධාන  ආරාධිතයා වශයෙන්   පැමිණ  සිටි  ජේෂ්ඨ  පොලිස්  අධිකාරී   චන්දන  අතුකෝරල  මහතා   පාසැල්  දරුවන්ගේ  තූර්්‍ය වාදනය  මැද   හරසරින්  පිළිගන්නා  ලදී. මේඅතර  සහකාර පොලිස්  අධිකාරී  රිපාත්  මහතා,  කොච්චිකඩේ  පොලිස්  ස්ථානාධිපති  ප්‍රධාන  පොලිස්  පරීක්ෂක  චන්දන  පද්මලාල්  මහතා,  කොච්චිකඩේ  පොලීසියේ  ‍ප්‍රජාපොලිස්  ඒකකයේ  පොලිස්පරීක්ෂක  රෝහන ද සිල්වා  මහතා සහ  විශ්‍රාමික  රාජ්‍ය  නිලධාරීන්  25  දෙනෙකුගෙන්  සමන්විත  කණ්ඩායමක්  සම්පත්  දායකයින් ලෙස  සහභාගී  විය.Police 8

ආරාධිත  අමුත්තන් සහ  පාසැලේ  විදුහල්පතිතුමා  විසින්  ජාතික කොඩිය එසවීම,  පොලීසියේ  සහ  විදුහල් ගීතය  ගායනාකිරීම  ආදී  චාරිත්‍රානුකූල  කටයුතුවලින්  පසුව   පැමිණ සිටි  සියළුදෙනා  පිළිගනිමින්  පිළිගැනීමේ  කථාව විදුහල්පතිතුමා  විසින්  කරන  ලදී. ඉන්  අනතුරුව  ප්‍රධාන  ආරාධිතයා  ලෙස  ජේෂ්ඨ  පොලිස්  අධිකාරී තුමා  මෙම  මත්ද්‍රව්‍ය  උවදුර  නිසා  සමාජය  තුළත්,  පාසැල් තුළත්  ඇතිව  තිබෙන  විනාශය  ගැන  පැහැදිළි   කරමින් ,  එය  වළක්වා  ගැනීමට  අදාලව  කටයුතු  කිරීමේ  වැදගත්කම  ගැන  ඉතා  වටිනා  පැහැදීලි  කිරීමක්  කරන  ලදී.මෙම  වැඩසටහනේ  ප්‍රධාන  කටයුත්ත   වූයේ   පාසැල් දරුවන්  දැනුවත්  කිරීමේ   අවස්ථාවයි.   මේසඳහා  සම්පත්දායකයින්  ලෙස  පැමිණසිටි  රජයේ  විශ්‍රාමික  නිලධාරීන්   25  දෙනා   පන්ති  25කට  බෙදා  එකී  දැනුවත්  කිරීමට  යොමු කරන ලදී.police 10police 11police 13

මෙම  වැඩසටහන  වැදගත්  වන  කරුණු  කීපයක්  මෙහිදී  මතුවී  පෙනෙන බව  කිවයුතුය. එනම්  පොලීසිය  පිළිබඳව   සමාජය  තුළ   නිරූපනය  වන  වැරදි  සිතුවිල්ල  නිවැරදි  කර ගැනීමට  මෙම  වැඩසටහන  කදිම  අවස්ථාවක්  ලෙස  මතුවී  තිබීම.  එමෙන්ම  දැනටමත්  ඉහත  සඳහන්  කෙරෙන  මත්ද්‍රව්‍ය  සහ  එහි ව්‍යාප්තිය   පිළිබඳව    ගම්බද  පැසැල්  කරාද  විහිදී  ඇති  තත්වයක්  තුළ  මේ  කෙරෙහි  අවධානය  දීමේ  දැඩි  අවශ්‍යතාවයක්  පැවතීම.  රාජ්‍ය  නිලධාරීන්  මේ  ගැන  අවබෝධ  කරගනිමින්  වෙනත්  අය  දැනුවත්  කිරීම උදෙසා   යම්  කැපකිරීමක්  කිරීම.  ඒනිසා  මෙය  සාර්ථක  වැඩසටහනක්  ලෙස  හැඳින්වීම  නිවැරදිය.