රාජපක්ෂලාගේ කළු සල්ලි සුදුකරන තැන මිගමුවද ?

0
343

grandiza 1(10.00 pm ) පසුගිය කාලය තුල ඇතැම් ව්‍යාපාරිකයන්ගේ වේගවත් සංවර්ධනය පිටුපස රාජපක්ෂලාගේ කළු සල්ලි සුදු කිරිමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මකදැයි යන්න දේශපාලන ලෝකය තුල පුළුල් කථාබහකට දැන් ලක්ව තිබේ.
විශේෂයෙන්ම ඉතා කෙටි දින ගණකින් සදා නිමකරන්නට යෙදුන ඇවෙන්ඩ්‍රා ධනේශ් නම් ව්‍යාපාරිකයාට අයත් යැයි කියන බේෆොන්ටේ හෝටලය විවෘත කිරිම සදහා පැමිණ තිබුනේ රාජපක්ෂ පවුලේ තාත්තලා සහ පුතාලාය.
අදාල ව්‍යාපාරිකයා හා පවතින ඉතාමත් සමිප සබඳතාවය පසුගිය කාලය පුරා  දේශපාලන සමාජය තුල වරින් වර සංවාදයට බදුන්ව පැවැතිණි.bay f 2bayf
එමෙන්ම කුරණ ප්‍රදේශයේ ඉදිකරන්නට යෙදුන සුපිරි ගණයේ උත්සව ශාලාවක් සහ හෝටලයක් වන ග්‍රැන්ඩිෂා හි බැසිල් රාජපක්ෂලාගේ කළු සල්ලිද අයෝජනය වි ඇතැයි යන්නද මේ දේශපාලන සංවාද මාලව තුල වේගයෙන්ම ඉදිරියට පැමිණ කරුණක්ව පැවතිණි.
පසුගිය කාලය තුල ඉතාමත් කෙටිකලකින් ධනකුවේරන් බවට පත්වු නිමල් ලංසා මෙන්ම ක්‍රිඩා පුහුණු ගුරුවරයෙකු වු ධනේශ් නැමැත්තාගේ අධිවේගි ව්‍යාපාරික දියුණුව පිටුපස ඇති රහස රාජපක්ෂලාගේ කළු සල්ලිද?
එකක් නම් පැහැදිලිය.
එනම් නැසිගිය ජෙයාරාජ්ප්‍රනාන්දුපුල්ලේ කළු සල්ලි සුදු කිරිමේ ව්‍යාපෘතියට අදාල මිගමුවේ තරුණ ව්‍යාපාරිකයන් කිපදෙනෙකුම ඉදිරියෙන් සිටි බවය.
ධනේශ් නැමැත්තා මෙන්ම කොච්චිකඩේ රැනොවේල් නම් වු සුපිරි හෝටලයේ හිමිකරු රවි නැමැත්තාද මෙම කරුණ ගැන නිතර කියැවෙන නම් ලයිස්තුවේ සිටින ප්‍රබලයන් දෙදෙනෙකි.
රැනෝවෙල් හිමිකරු රවිද  සාමාන්‍ය ක්‍රිඩා ගුරුවරයෙකි.
එහෙත් අද ධනේශ් අති සුපිරි පැලැන්තියේ ධනකුවේරයන්ය.
මිට වසර 12 කට පමණ ඉහතදි මුදල් පොලියට ගෙන සිය  ව්‍යාපාරික කටයුතු මෙහෙයවපු ධනේශ්ලා ට මේසා අතිවිශාල ධනස්කන්ධයක් එකවර ලැබුනේ කෙසේද?
දැනටත් රටේ නිරන්තර කතාබහට ලක්ව ඇති මහින්ද රාජපක්ෂගේ මිගමු හෙලිකොප්ටර් සංචාරයට දිනකට පෙර විශේෂ කාර්ය බලකා සෙබළුන් විසින් මේ ධනේශ් නැමැති ව්‍යාපාරිකයාගේද නිවස පරික්ෂාවට ලක්කළේය.
එපමණක් නොව නිමල් ලංසාට එවකට හිතැතිව සිටි තවත් ව්‍යාපාරිකයන් පිරිසකගේද නිවෙස් විශේෂ පරික්ෂාවකට ලක්කෙරුණි.
ජවිපේ නායක අනුර කුමාර නම් ප්‍රසිද්ධියේ කියා සිටියේ ඒ පැමිණ තිබුනේ කුඩු අල්ලන්ට යැයි කියාය.
මේ දිනවලද මේ මාතෘකාව අතිශය ජනප්‍රිය එකකි.