පැරිෂුට් කාවින්ද ඇතුළු පාවාදුන් නාගරික මන්ත්‍රිවරු පිරිසව දෙහිමල්වත්තේ ජනයා බැන එලවා දමති !

0
114
කහපාට ටිෂර් එකක් ඇද කාවින්ද පිලිගැනිමට පැමිණ ඉදිරියෙන්ම සිටින තට්⁣ට මන්ත්‍රී පියුමිය.
කහපාට ටිෂර් එකක් ඇද කාවින්ද පිලිගැනිමට පැමිණ ඉදිරියෙන්ම සිටින තට්⁣ට මන්ත්‍රී පියුමිය.

මිගමුවට අළුතින් පත්ව ආ ආසන සංවිධායක කාවින්ද ජයවර්ධන සහ දෙහිමල්වත්ත කොට්ටාශය නියෝජනය කරමින් එජාප ඡන්දවලින් බලට පත්වු නාගරික මන්ත්‍රි පියුමි ඇතුළු පිරිසක් පෙබරවාරි 13 වනදා රාත්‍රි 8.30 ට පමණ දෙහිමල්වත්ත ප්‍රදේශයේ ගෙවල්ගානේ යමින් සිටියදි එතනට පැමිණි එජාප ක්‍රියාකාරින් පිරිසක් කාවින්ද ඇතුළු පිරිසට බැන වැදි එලවා දමා ඇතැයි වාර්ථා වේ.
කාන්තාවන්ද ඇතුළු ජනතාවගේ බැනවැදිම් හු හඩ මැද  කාවින්ද ජයවර්ධන , නාගරික මන්ත්‍රි මාක් සුජිත් , 83 කලබල කාලේ දමිල ජනතාවගේ කඩවල්වල බඩු හොරකම් කිරිම ගැන කුප්‍රකට ප්‍රසිද්ධියට පත්ව සිටි බැග්ඩැඩ් ඇතුළු පිරිසක් මෙසේ දෙහිමල්වත්ත ජනයා විසින් පලවා හැර තිබේ.
එජාප ඡන්දවලින් බලයට පත්වු නාගරික මන්ත්‍රි පියුමි නැමැත්තාට දැවැන්ත විරෝධයක් මෙහිදි ජනතාව එල්ල කර ඇති අතර තමන්ගේ ඡන්ද වරදාන වලට පාවා දුන්  ද්‍රෝහියා යැයි ප්‍රසිද්ධියේ ලැජ්ජාවට පත්කර තිබේ.
මේ පිරිස සමග සිටින මංජුල දල්පදාදු නැමැත්තාටද පාවාදෙන්නා යැයි කියමින් ජනයා බැන වැදි ඇත.
හු හඩවල් මැද පිරිස පලා ගොස් ඇතැයි දෙහිමල්වත්තේ ජනයා මිපුර වෙබ අඩවිය අමතා කියා සිටියේය.