එහෙන් කටුදානවා ! මෙහෙන් කොටුකරනවා! තෙප්පම් රැකියාවේ ඛේදවාචකය !

0
166

traditional sea fishermen 3

මේ  මීගමුව,  වැල්ලවීදිය  ශාන්ත  සෙබස්තියන්  තෙප්පම්  සමීතියේ   ධීවරයින්  සුළුපන්න  ධීවරයා  මුහුණදෙන   ප්‍රශ්ණය  එළිදක්වන  ආකාරයයි.  අදවනවිට  මෙම  ප්‍රශ්ණය  බරපතල  තත්වයකට  පත්වී  ඇත.  ප්‍රශ්ණය  විසඳා  ගැනීම  උදෙසා   වගකිවයුත්තන්ගේ  මැදිහත්වීමේ  ඇල්මැරුණු   ස්වභාවය  මෙයට  ප්‍රධාන  හේතුවක්  බව  ඔවුන් ප්‍රකාශ  කරයි.  පසුගිය  දිනවල  මේ  පිළිබඳව  සාකච්ඡා කිරීම  සඳහා  මීගමුව  ධීවර  කාර්්‍යාලයට  ගියේ  සහකාර  ධීවර  අධ්‍යක්ෂක  හමුවීමටය.  නමුත්  ඔහු  නොසිටි  හෙයින්   වැඩබලන   නිලධාරි  මහතා  වූ   ධීවර  පරීක්ෂක  මාරසිංහ  මහතා  වෙත  පවතින  තත්වය  ගැන  කරුණු  පැහැදිළි  කිරීමක්  ධීවර  නියෝජිතයින්  විසින්  කරන  ලදී. නමුත්  ප්‍රශ්ණයට  පැහැදිළි  පිළිතුරක්  නොලැබුනු  බව  ධීවර  නියෝජිතයෝ  අප  සමඟ  පැවසීය.

පවතින  තත්වය  ගැන   ඔවුන්ගේ  අදහස්  ඉදිරිපත්  වන්නේ  ආවේගකාරීවය. මේ  අනුව   ශාන්ත  සෙබස්තියන්  තෙප්පම්  සමීත්යේ   නෝබට්  මහතා  තම  අදහස්  පළකළේ  මෙසේය.Traditional sea fishermen 1

අපිට  දැන්  දැලක්  දාගන්න  බෑ.  කටුවලින් පිරිල.  මුහුදෙ  අපි  රස්සාව  කරන  හරියෙ  කටු  කඳු  හැදිල තියෙන්නෙ.  දැල  දාන කොටම  කටුවල  පැටලෙනව.  එහෙන්  කටුවල  පැටලෙනව.  මෙහෙන්  බෝට්ටු  වලින්  ඇවිල්ල  වටකරන  කොට  අපේ  දැල්  ඒවට  පැටලෙනව. මුහුදත්  විනාශයි.  අපිත්  විනාශයි. අපි  මේ  ගැන  නිලධාරි  මහත්තුරුන්ට  කිව්වට   වැඩක් වුනේ  නෑ.  ඒවුනත්  ආයිත්  සැරයක්   අපි ධීවර  කාර්්‍යාෙලට   ගියා.  අධ්‍යක්ෂක තුමා  හිටියෙ නෑ. එදා  වැඩබලන   ධීවර පරීක්ෂක  මහතා(  මරසිංහ මහතා)  එක්ක   තමයි  කථාකළේ. ඔහු ප්‍රකාශකළේ   මේ  කාරණා  දෙක  ගැනම  සම්බන්ධවෙල  ඉන්න  බෝට්ටු  කාරයින්ගෙ  බෝට්ටු  අංකය  වැටෙන  විදිහට  පොටෝ  එකක්  ගන්න  කියලයි.  නෝබට්  මහතා   මෙසේ  අදහස්  ඉදිරිපත්  කරන  අතර  තවදුරටත්,  අපි  මේගානට  දැල  දැම්මොත්  කටුවල  පැටලෙනව.    මේ ගානට  දැල  දැම්මොත්  බෝට්ටුවල  පැටලිල  දැල  ඉරෙනවා  යනුවෙන්  තමන්ගේ  අතින්  ප්‍රමාණය  දක්වමින්  මෙහි  යථා  තත්වය  පෙන්වීමට  උත්සාහ  කරන ලදී.

මේ  විදිහට  ගියොත්  අපිට  මුහුදු  රස්සාව  නෙවෙයි  කරන්න  වෙන්නෙ  යුද්ධයක්.  රස්සාවට  යන්න  වෙන්නෙ  කඩු පොලු  අරගෙන.  නිලධාරි  මහත්තුරු  මේකට  විසඳුමක්  දෙන්නෙ  නැත්නම්  අපිට  වෙන  කරන්න දෙයක් නෑ.  මේ  විදිහට  ගියොත්  අපිට  වැඩි  කාලයක්  රස්සාව  කරන්න  හම්බවෙන්නෙ  නෑ.

තෙප්පම්  මීතියේ  මෙරිල්  මහතා  තමන්ගෙ  අදහස  වචන  වලට  පෙරලුවේ  මෙහෙමයි.

ඒ  දවස්වල  මඩේ  රස්සාව  කරන්න  එක  බෝට්ටුවක් වත්  ආවෙ  නෑ.   ඒනිසා  අපිට  රස්සාව  කරන්න  කිසි  බාධාවක්  තිබුනෙ  නෑ.  අද  එහෙම  නෙවෙයි.  බෝට්ටුවලින්  කොටුකරනව  විතරක්  නෙවෙයි  අපිටත්  තර්ජනය  කරනවා.  ඒගොල්ලො   අපිට  කියනව  අපේ  දැල්  අහකට  ගන්න කියල.

මේ  කථාබහෙන්  පස්සෙ   ලිපියක්  ලියා ඒ අනුව  නැවත වරක්  අදාල  නිලධාරීන්  හමුවීමටත් ,   ඔවුන්  දක්වන  ප්‍රතිචාර  අනුව  ඊලඟ  පියවර  ගන්නත්  තීරණය  කළා. ඒ  වගේම කලපුවේ  සහ  මුහුදේ අනෙක්  සහෝදර  ධීවර  ජනතාව  සමඟ  එකතුවී  මෙම  ප්‍රශ්ණයට  මුහුණදිය යුතු  බවත්  ඔවුන්ගේ  අදහස  වුනා. ඒ  අනුව තීරණය  වූයේ මීලඟ  රැස්වීමේදී  මේ  ගැන  පුළුල්ව  සාකච්ඡා  කොට  තීරණයක්  ගතයුතු  බවයි