කාවින්දට මිගමුවෙන් කාර්යාලයක් විවෘත කරගන්න බැරිවුණේ ඇයි ?

0
161

kavinda jමීගමුවට අළුතින් පත්කළ එජාප ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන සිය ප්‍රධාන කාර්යාලය පසුගියදා විවෘත කර තිබුණේ මිගමුව නගරය තුල නොවේ.
එය පිහිටුවා ඇත්තේ කටාන මිගමුව සිමාව තුලය.
මේ සම්බන්ධයෙන් අප කළ විමසිමකදි එජාප ජේෂ්ඨ ක්‍රියාකාරිකයෙකු කියා සිටියේ මිගමුව නගරයෙ කාර්යාලයක් අරිනවා තබා ගමකට ගිහින් රැස්විමක්වත් තියාගන්න බැරි අන්දමේ ප්‍රතික්ෂේප විමක් කාවින්දට දැන් ඇති බවය.
පසුගිය දිනක එජාප කාන්තා ක්‍රියාකාරිණියන් පිරිසක් මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධියේ කියා සිටියේ ගමට පැමිණය හොත් කාවින්ද ජයවර්ධනට ගහන බවය.
මේ අනුව ආසනයකට ඇති ගිජුකම නිසා එජාප නායකත්වයට තර්ජනය කර කප්පමක් ගත්තද දැන් කාවින්ද ජවර්ධන සිය දේශපාලනය මුහුණු පොත ඇතුළුට පමණක් කොටුකරගත් අසරණයකුගේ තත්වයට වැටි තිබේ.