නාමල් වෙවැල්දෙනිය නර්ථනාචාර්්ය තුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද විශේෂ උත්සවයක් 2019- 02- 24 වන දින මීගමුව නගරසභා භූමිය තුළ රඟ දක්වන ලදී. මුළු පරිසරයම සැනකෙළි භූමියකට උචිත පරිදි කෙසෙල් පතුරු , ගොක්කොල , තැඹිලි වලු ආදිය මගින් මොනවට සරසා තිබින. අති විශාල ජන ගඟක් මේ ස්ථානයට එක්රොක් විය. පූජක තුමන්ලා සංඝ්‍යා වහන්සේලා ඇතුළු කලාකරුවන් , විද්වතුන් , රජයේ උසස් නිලධාරීන්, දේශපාලනඤයින් ආදී විශේෂ ආරාධිත අමුත්තන් පෙරදැරි කරගත් මෙම උත්සවය සඳහා අතිවිශාල ජන ගඟක් ගලනු පෙනින. මෙය මීගමුවට විශේෂ අත්දැකීමකි. මෙම උත්සවය සූදානම් කර තිබුනේ නාමල් නර්තනආචාර්්ය තුමාගේ සිසුවියක වූ දුමිඳි සත්සරණී දියණියගේ ශීර්ෂාභරණ පැළඳවීමේ මහඟු කටයුත්ත වෙනුවෙනි.
මෙදින මීගමු නගරසභා භූමියේ විස්තර විචාරය සඳහා කැඳවා තිබුනේ දක්ෂ ටෙලිනාට්‍ය ශිල්පියෙකි. දරුවන් 29 දෙනා උඩරට සම්ප්‍රධායට අනුව සිත් ඇදගන්නා ඇඳුම් ආයිත්තම් වලින් සැරසී සිටි අතර ඔවුන්ගේ නැටුම් මෙහෙයවීම උදෙසා දක්ෂ බෙර වාදකයින් කිහිප දෙනෙකුද ගෙන්වා තිබින. මේ සියළු දෑ සමඟින් මුළු පරිසරයම ගුත්තිල කාව්‍යයේ සඳහන්වන උදේනි පුරවරයට සමානවූ බව කිව හැක.ඔවුන් මෙම රංග භූමියට පැමිණි ආකාරයත්, ඉදිරිපත්කළ නැටුම්වල ස්වභාවයත්, අනුව සිහියට නැගෙන්නේ ගුත්තිල කාව්‍යයේ එන කවියක්වූ රූ රැසේ අඳිනා ලෙසේ අත් ලෙල දිදී විදුලිය පබා නම්වූ කවියයි.නගරසභා භූමියේ මෙම සිසු දරුවන් විසින් තම දෙපා තාලයට තබමින් ඉදිරිපත් කළ නැටුම විසින් සිහියට නංවන්නේ ඉහත සඳහන් කළ කවියේ අවසන් පදය වූ “මම් කෙසේ පවසම් එසේ වර සුර ලඳුන් දුන් රඟ සුබා යන පද පේලියයි.
කෙසේ නමුත් වසර ගනනාවක් තිස්සේ නර්තන කටයුතු වල යෙදෙමින්, දක්ෂ සිසු පරපුරක් බිහි කරමින්, නාමල් වෙවැල් දෙනිය මහතා කරගෙන යන මෙම උදාර කටයුත්ත අගය කළ යුතුව ඇත. එසේම ඉදිරියටත් මෙමනැටුම් සම්ප්‍රධාය වැඩිදියුණු කරගෙන සාර්ථක ගමනක් යාමට අපි ඔහුට ශක්තිය සහ ධෛර්්‍ය පතමු.