ශ්‍රී ලංකා විදේශ කටයුතු පිළිබඳ ඇමැති ඉතාලියේ ශ්‍රී ලාංකිකයන් හමු වෙති.

0
201

IMG-62f9ee6f7366476d69a971d68856cce1-V

ඉතාලියේ සියලුම නගර වලින් පැමිණි නියෝජිතයින් හා විදේශ කටයුතු පිළිබඳ ඇමති තිලක් මාරපන මහතා අතර ඇතිවූ මෙම සාකච්ඡාව ඊයේ සවස හයට රෝම නගරයේ දී පැවැත් විය.
ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති ඩී. එස්. ජේ. පැල්පොල, මිලානෝ කොන්සල් ජෙනරාල් ඩෙන්සිල් ෆොන්සේකා,
උප කොන්සල් ජනරාල් ප්‍රභාෂිනි පොන්නම්පෙරුම යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට සහභාගී විය.

සියයකට අධික පිරිසක් සහභාගි වූ මෙම අවස්ථාවේදී ජනතාවගේ සියලු ප්‍රශ්න වලට ඉතා උනන්දුවෙන් හා සාවධානයෙන් සවන් දුන් එතුමා
විදේශගත ශ්‍රී ලාංකිකයා ලංකා ආර්ථිකයට ඉහළම දායකත්වයක් සපයන ගෞරවනීය පිරිසක් බවත් ඔවුන් වෙනුවෙන් කළ හැකි උපරිමය කිරීමට තමන් සූදානම් බවත් පැවසීය.

දේශපාලකයින් බොහෝ දෙනෙකුට ආවේණික චාටු, කපටි, කතා, සිනා, රඟපෑම් හා අහංකාර සමච්චල් පිළිතුරු වලින් තොර ව සුහදශීලීව, මනා සංයමයකින් කටයුතු කළ එතුමා වර්තමාන දේශපාලඥයින්ට පූර්වාදර්ශී චරිතයක් බව අපගේ හැඟීමයි .
එය කොතෙක් දුරට යථාර්ථයක් දැයි කාලයාගේ ඇවෑමෙන් අවබෝධ කොට ගත හැක.
පක්ෂ විපක්ෂ දේශපාලකයින් ඉතාලියට එ්ම ඉතාම සාමාන්‍ය දෙයකි.
ජනතාව හමුවී ඔවුන්ගේ ප්‍රශ්න වලට සවන්දීම හා පිළිතුරු සෙවීම හැර අනෙක් සියලුම කටයුතු ඉටු කරගෙන ආපසු යන බව කවුරුත් දන්නා ප්‍රසිද්ද අප්‍රසන්න රහසකි.

විදේශ ගත ශ්‍රී ලාංකිකයා
“රටවිරු” බෝඩ් ලෑලි වලින්
මාධ්‍ය සංදර්ශන තුළින්
රවටන්න බැරි
රැවටිය යුතු නැති
මිනිසුන් පිරිසක් බව
තේරුම් ගත් ඇමති වරයෙකු ලෙස
අපි ඔබ දකින්නෙමු

එස්. ඩබ්ලිව්. වන්නිආරච්චි මිලානෝ නුවර සිට