කඩොල් කැලේ පාර හදන්නේ නැතුව ජනතාවගෙන් පල්ලි ගත්තු අයිය ගැන අමතක වුණ මල්ලිගේ ෆේස් බුක් දේශපාලනය !

0
152

(4.25 pm )මිගමුව නගරාධිපති දයාන් ලංසා දරුණු අමතක විමේ රෝගයකින් පෙළෙන බව පසුගිය කාලය තුල ඔහු විසින් මිගමුවේ බදු ගෙවන ජනයාවත් රටේ ලෝකේ අයවත් රැවටිම සදහා ගෙන යන ෆේස් බුක් එකේ කරන ෆේක් දේශපාලනය ගැන බලන විට පෙනේ.

කඩොල් කැලේට යන පාරේ ප්‍රතිසංස්කරණ කටයුතු මිගමුවේ බදුගෙවන ජනයාගේ මුදල් වලින් සිදුකළ පසු ඔහු සිය මුහුණු පොතේ මෙවන් සටහනක් තබා තිබුණි.

මීගමුව නගර සභා පාලනය මගින් හෝ මොනයම් ආකාරයක දේශපාලන අධිකාරියක් මගින් හෝ මෙම කඩොල් උයන උත්ථාන වූ කිතු සමිදු දේවස්ථාන මාර්ගය කිසිදු දිනක සංවර්ධනයට ලක්ව නොතිබීම හේතුවෙන් එම මාර්ගයේ ජීවත් වන ජනතාව ඇතුළු නගර වාසී ජනතාව විවිධ අපහසුතාවලට ලක්වන බව මා වෙත දැනුම් දීමෙන් අනතුරුව ඒ පිලිබදව සොයා බලා “දවසකට එක වැඩක් සංකල්පය යටතේ “ මෙම මාර්ගය සම්පූර්ණයෙන්ම කාපට් කර සංවර්ධනය කර ජනතා අයිතියට පවරන ලදී.
විශේෂයෙන්ම මා නගරාධිපතිවරයා වශයෙන් සෑම අවස්ථාවකදීම පක්ෂ,පාට,ජාති,ආගම්,දුප්පත්,පොහොසත් භේදයකින් තොරව නගරයේ හා නගර වාසී ජනතාවගේ දියුණුව හා සංවර්ධනය වෙනුවෙන් ක්‍රියා කරන අතර.මෙම සෑම කටයුත්තක්ම සිදු කරනු ලබන්නේ බදු ගෙවන නගරවාසී ඔබේම මුදලිනි.එම නිසා ඔබේත් මගේත් යුතු කම මෙම පොදු දේපල ‍රැක ගැනීම බව මතක්කර සිටිමි.
දයාන් ලාන්සා – මීගමුව නගරාධිපති.
2019.02.27දායන්ගේ මුහුණ පොත

මේ සටහන කියවන අයෙකුට ඇති තතු නොදන්නේ නම් වැටහෙන්නේ ඇත්තටම මිගමුව නගරාධිපති දයාන් යනු සිරාම පොරක් බවය.
මන්ද ඔහු එහි ලියා ඇත්තේ කව්රුවත් මෙච්චර කල් හදලා නැ මං තමයි කොරේ කියල ඒ හින්ද මං පොර කියල .
එහෙත් සත්‍ය නම් මිගමුව දශකයකටත් වඩා කාලක් පාලනය වුයේ ලංසාලාගේ පවුල් පාලනය යටතේය. දැන් මේ දයාන් ලංසා වැල් බයිලා කියමින් කරන්නේ  තමන් ලංසා පවුලට අයිති නැති එකෙකු යැයි  කියාද ?
මන්ද නිමල් ලංසාට ඇමතිකම්  12 ක් විය ,සරත් ගුණරත්නටද නියෝජ්‍ය ඇමතිකමක් තිබුණි.. නගර සභාව තිබුනේ ලංසා පවුල් පාලනය යටතේය.දායන් ලංසාද බොහෝ කලක් නියෝජ්‍ය නගරාධිතිව සිටියේය.
තතු එසේ නම් කඩොල් කැලේ පාරවල් හැදුවේ නැත්තේ ලංසා පවුලම මිස අන්කරුවන්වත්  නොවේ.
එහෙත් අරුමය වන්නේ දයාන් ලංසාගේ මේ වැල් බයිලා දේශාපාලනය අභියෝග කරමින්  මේවා ගැන හෙළිදරව් කරන්නට මිගමුව තුල මාධ්‍යකරුවන් නොවිමය.හිටින්නේ හොරු හුරතල් කරන මාෆියාකරුවන්ය.
දයාන්.ලංසාට අමතක එහෙත් අපටත් කඩොල් කැලේ ජනයාටත් අමතක නැති බරපතල සත්‍යයක් තිබේ..
එහෙත් මේ ඇත්ත ඉතිහාසය ගැන නොදන්නා ගොබ්බයන් විසින් දයාන් ලංසාව මුහුණු පොත අස්සේ දැන් ගොබ්බ කථා කියමින් හුරතල් කරමින් සිටි.dayan FB 1

ලංසා පාලනය යටතේ පැවැති කඩොල් කැලේ පාර
ලංසා පාලනය යටතේ පැවැති කඩොල් කැලේ පාර
දයාන් ලංසා නියෝජ්‍ය නගරාධිපතිව සිටි සමයේ කඩොල් කැලේ පාර
දයාන් ලංසා නියෝජ්‍ය නගරාධිපතිව සිටි සමයේ කඩොල් කැලේ පාර

එනම්  2014 වසරේදි තමන්ගේ සහෝදරයා නිමල් ලංසා එවර පළාත් සභා ඡන්දයට කලින් කඩිමුඩියේ කඩොල් කැලේ පාර හදන්නට පටන් ගෙන පළාත් ඡන්දෙදි නිමල් ලංසාට කඩොල් කැලේ ජනතාවගෙන් ඡන්දය නොලැබුණ නිසා පාර හදන එක නවතා දමා කඩොල් කැලේ වෙසෙන පොඩි දරුවන්ගෙන් පවා පළිඅරගෙන තිබිමිය.
දයාන් ලංසාට මේවා අමතකව තිබුණද මිපුර වෙබ් අඩවියට කිසිදා ලංසා පවුලේ මේ මජර කම් අමතක වන්නේ නැත..

පහත පළවන්නේ මේ ජඩකම් ගැන එදා අප තැබු සටහනයි.

ඇමති ලංසා පාරවල් හදන්නට දෙයියාය.සමරහක් පාරවල් කැඩිල නැතුව තියෙන කොටත් ආයෙත් කාපට් දානවා.
ඒ තරම් ඒ පාරවල් වල මිනිස්සුන්ට ආදරෙයි.
මේ ආදරේ තවත් වැඩිවෙන්නේ ඡන්දෙ කාලෙට .
කොහොම උනත් වැලේ වැල් නැතුව හිටපු සමන්තලා බොරළු සමන්තලා වෙන්නේත් ග්‍රැන්ඩිසා හෝටලය වැනි හෝටල් වල අයිතිකරුවන් වෙන්නේතු ලංසාට තිබුණු මේ ඉවරයක් නොවන පාරවල් ප්‍රේමය නිසාමය.

ඒත් මීගමුව කඩොල් කැලේ ජනතාවට මේ දිනවල2014 සැප්තැම්බර් මාසේ  අතවිඳින්න වෙලා තිබුනේ  පුදුම කරදරේකට.
ඇයි ඇමති ලංසා පහුගිය පළාත් සභා මැතිවරණයට සතියක් තියෙන කොට කඩි මුඩියේ පුංචි ගල් කැට එහෙම බාලා පාර හදන වැඩේට බැස්ස.හැබැයි එයා හිතපු විදියට කඩොල් කැලෙන් එයාට ඡන්ද ලැබුනේ නැ.මේ හින්ද උරන වෙච්ච ඇමති ලංසා මොකද කලේ.පාර හදන එක එහෙම පිටින්ම නැවැත්තුවා.මේ හින්ද මිනිස්සු අපා දුක්වින්ද . පාරේ යන්න බැ දුවිලි. ළමයි වයසක අය ලෙඩ වෙලා.ඇදුම රෝගේ තිබුන අය නිතර නිතර ලෙඩවුණා.
රමේශ් ඇුතුළු කඩොල් කැලේ සෙනගට මේව මතකද මන්ද ???
ඒත් මේ පාර කවද හදයිද කියල මිනිස්සු බලන් ඉන්නම බැරි තැන ඒ කාලේ පෝස්ටර් එහෙමත් ගහල තිබුන.කඩොල් කැලේ පාර 5