මිගමුව නගරාධිපතිට දරුණු අමතක විමේ රෝගයක් !

0
111

dayan lansa mayor(2.05 pm ) මේ දිනවල මීගමුව නගරාධිපති  සිය මුහුණු පොත හරහා අම්බානකට ආතල් දෙමින් සිටි. ඒ දෙන ආතල් තරමටම මුහුණු පොතේ හුරතලේද වැඩිවි ඇත.පසුගිය කාලය තුල කාවින්ද ජයවර්ධනට හේත්තු වි සිට අයෙකුද දැන්  දායන් ලංසාව හුරුතල් කරමින් සිටින අයුරු දිනපතා දිස්වෙයි.
මිගමුව තුල ක්‍රියාත්මක වෙමින් ඇත්තේ මුහුණු පොත් දේශපාලනය වෙනුවෙන් තරගයකි. .
එක පැත්තකින් මිගමුවේ පැරිෂුට් එජාප සංවිධායක කාවින්ද ජයවර්ධනය .
අනික් පැත්තෙන් නගරාධිපති දයාන් ලංසාය.දේශපාලකයන් මුහුණ පොත වැනි නුතන සන්නිවේදන ක්‍රම යොදාගැනිම අප ඉහලින් අගේ කරමු.
ඒත් ඒ හරහාද ජනයාව රැවටිම නම් කරන්නේ අප එයට එරෙහි වෙමු.
අවසනාවකට කද ඩිජිටල් ඔළුව කචල් දේශපාලකයන්ගෙන් ඔයට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැකි බවද අප ඉතා හොදින් දනිමු. dayan FB 1
පසුගිය දිනක මිගමුව නගරයේ පිහිටි පත්තර තට්ටුවක් මහනගර සභාවේ කම්කරුවන් සහ නිලධාරින් පැමිණ වීරයන් සේ ඉවත් කරගෙන යන පින්තුරු නගරාධිපති වරයා සිය මුහුණු පොතේ මහත් උජාරුවෙන් යොදා තිබුණි.දේශපාලන හයිය මත කාලයක් තිස්සේ එසේ පවත්වාගෙන ගිය මේ පත්තර අලෙවි හල ඉන් ඉවත් කිරිම ගැන පොර ටෝක් එකක් මුහුණු පොතේ දමන්නටද නගරාධිපතිවරයාගේ අැඩ්මින් වරයා අමතක කර තිබුනේ නැත.
ඩිමෙන්සිසාව යනු දරුණු අමතකවිමේ රෝගයකි.
මේ පත්තර අලෙවි සැල පසුගිය කාලය තුල තිබුනේ නම් ඒ කාගේ පාලනය යටතේද?
එජාපෙද ?
අවසන් නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිව සිටියේ රොයිස් විජිතද ?දශකයකටත් වැඩි කාලයක් මිගමු නගරය පාලනය කළේ වැල්ලවිදියෙන් නෙමෙයිද ?
දැන් නගරාධිපති නින්දෙන් ඇහැරුණා සේ මේ  ගොන් කතා කියන්නේ කාටද ?.
ඉතිහාසය හිතා මතා අමතක කර ජනතාව ගොනාට අන්දවා අාතල්  දෙන මේ ෆේක් දේශපාලනය ගැන නිරන්තරයෙන්ම සිහිබුද්ධියෙන් කරුණු විමසා බැලිය යුතුව තිබේ.