දකුණට ආතල් දෙන්න ජනපති ජාත්‍යන්තරයට දෙහි කපයි ! තමන්ම අත්සන් කළ OMP එක කොටින්ගේ වැඩක් කියයි ! !

0
59

 

MY3සිය දෙවනධුර කාලය පිළිබදව සිහින දකිමින් ඒ සදහා ඕනෑම පර වැඩක් කරමින් මේ දිනවල කල් යවන ජනපති සිරිසේන පසුගිය දා තවත් අපුරු කථාවක් කියා තිබුණි.
ඒනම් පසුගියදා එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමේදි සම්මත කරගනු ලැබු ශ්‍රිලංකාව පිළිබද යෝජනවාට තමන් විරුද්ධ  බවය.
ඉන් නොනැවතුන ජනපති සිරිසේන ඔහු විසින්ම අත්සන් තබනු ලැබු අතුරුදන්වුවන් පිළිබද කාර්යාලය ජාත්‍යන්තර කොටි ජාලයේ වැඩක් බවද කියයි.
දකුණේ ජාතිවාදින්ගේ පල්ල මිරිකා ආතල් දිමට උපන් හපන් ජනපති සිරිසෙන කිසිදු ප්‍රතිපත්තියක් නැති කවටයෙකු ගානට වැටි ඇත්තේ ලංකාව තුල පමණක් නොව මුළු ලෝකය ඉදිරියේය.
පසුගිය දා පැවැති ජගත් මානව හිමිකම් කවුන්සිලයේ රැස්විමේදි ලංකාවේ යම් පමණකින් හෝ ලබා ඇති ප්‍රතිසංස්කරණමය ජයග්‍රහණ ගැන ඇගයමට ලක්කරන ලද රටවල් හැම කෙනෙකුම පාහේ සදහන් කළ එක් වැදගත් කරුණක් තිබේ.
එනම් අතුරුදන්වුවන් පිළිබද කාර්යාලය ස්ථාපිත කොට ක්‍රියාත්මක කරගෙන යාමයි.
දැන් ජනපති සිරිසේන එය කොටින්ගේ වැඩක් යයි කියයි.
මින් කියැවෙන්නේ කුමක්ද?ජාතිවාදින් ඉදිරියේ තවත් මහා පාවාදිම් කිරිමට ජනපති සිරිසේන වියරු වැටි පේවි සිටින බව නොවේද ?
එක් පසකින් මිනිමරු ගෝඨභය රාජපක්ෂ යළිත් මේ බිමේ රජවෙන්නට කැස කවයි. ජනපති සිරිසේන පිස්සෙකු මෙන ඊට පාවඩ එළිමින් සිටි.
ප්‍රතිපත්පත්තිමය ලෙසින් මේවාට එරෙහි විමට එජාපය තුල සිටින්නේ කොන්ද පණඇති දෙතුන් දෙනෙක් පමණි. මංගල සහ රාජිත ඒ අය අතර ඉදිරියෙන්මය.
රට ජාතිවාදින්ගේ පිළිකන්නට දක්කන සිරිසේන ගෝඨා පෙහහැරට එරෙහිව දැන් සිටිම ප්‍රජාතන්ත්‍රවාදින් පෙළගැසෙන්නේ නම් පමණක් රටට අනාගතයක් යම් පමණකින් හෝ ඉතිරි වනු ඇත.