පෝඩු දැලේ නීතිය නොතකන මීගමුවේ හයිකාරයෝ

0
97

mora wala 1පසුගිය 08 වනදා ධීවරයින්  දෙපිරිසක්  අතර    වැල්ලවීදිය   දේවස්තානයට  පිටුපස  මුහුදු  තීරයේ  ගැටුමක්  ඇතිවූයේ තහනම් දැල්ලපන්න ක්‍රමයක් වන ‘පෝඩු දැල් ‘භාවිතා කරමින් මුහුදේ ධීවරයින් පිරිසක් රැකියාව කිරීම හේතුවෙනි.
මීගමුව  සහකාර  ධීවර  අධ්‍යක්ෂක  බණ්ඩාර  මහතා  එදින  තෙප්පම්  ධීවරයින්  සමඟ  කළ  සාකච්ඡාවේදී  පැවසූවේ  පෝඩුදැල්  රස්සාව  යනු  තහනම්   ආම්පන්න  ක්‍රමයක්  වශයෙන්  පිළිගෙන  තිබියදී   පෝඩුදැල්  රස්සාව  කිරීමට  පැමිණි  මෙම  ධීවර   පිරිස  නතර  කිරීම  උදෙසා  පියවර  ගත්බවයි.

නයිනමඩමල වෙල්ලමංකරය  වැනි  හලාවත  නගරයට  අයිති  ප්‍රදේශ වලින්  පැමිණි පුද්ගලයින්ගේ   මෙම  තහනම්  රස්සාව  නතර කිරීමට හැකි වුවද එදින  මීගමුවේ  පුද්ගලයෙකු  මෙම  රස්සාවේ  යෙදුණ බව   බවට  තොරතුරු  ඇති බව ධිවරයින් පවසති.  නමුත්   එය  වැලැක්වීමට  කිසිදු  වගකිවයුත්තෙකුට  හැකියාවක්  නැති  බව  ධිවරයින්ගේ   අදහස විය. නීතියට පිටුපා  පෝඩු දැල් රස්සාවේ යෙදෙන පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක කිරීමට කිසිදු  ආයතනයකට මේ වන විට නොහැකි වී ඇත්තේ ප්‍රදේශයේ දේශපාලන බලය ශක්තියක් කරමින් මෙම පෝඩු දැල් රස්සාවේ යෙදෙන නිසා බව ධීවරයින් පවසති.