පොලිස්පති ඉල්ලා අස්විය යුතුයි !

0
104

rajitha-fජාතික ආරක්ෂාව අර්බුදයට යමින් ඊයේ දින සිදු වූ පිපිරීම් මාලාව පිළිබඳ සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (22) පස්වරු 06.00ට විශේෂ කැබිනට් හමුවක් කැඳවා ඇති බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

මීට සුළු මොහොතකට පෙර අරලියගහ මන්දිරයේ කැබිනට් අමාත්‍යවරුන් විසින් පැවැත් වූ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

කෙසේවෙතත් සිදු වූ ඛේදනීය තත්ත්වයෙන් පසු මේ වන විට පොලිස්පතිවරයා ඉල්ලා අස් විය යුතු බවයි රාජිත සේනාරත්න මහතා කියාසිටියේ.

ඊයේ දින සිදු වූ පිපිරීම් මාලාව සම්බන්ධයෙන් තමන් හෝ අමාත්‍යවරු දැනුවත් නැති බවත් ජනතාවගේ ආරක්ෂාව අර්බුදයට යාම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාද වගකිව යුතු බවයි ඔහු අවධාරණය කළේ.

එමෙන්ම හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ද පස්වරුවේ පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණයක් ගන්නා බව ඔහු පැවසුවේය.

ඉදිරියේදී හෝ මෙවැනි අවාසනාවන්ත සිදුවීම වලක්වා ගැනීම සම්බන්ධයෙන්ද අවධානය යොමුකරන බව හෙතෙම ප්‍රකාශ කළේය.
lankanewsweb

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here