පාස්කු ඉරුදින දිව්‍ය පුජාවට නොගිය කතෝලික දේශපාලකයන් මේ දිනවල සමාජ මාධ්‍යවල ප්‍රබල කථාබහකට ලක්ව තිබේ.
මේ සංවාදය මෙසේ දිගහැරෙමින් ඇත්තේ මේ දේශපාලකයන් විසින් යම් අනතුරුක සේයාවක් දැන සිටි නිසාද යන්න ප්රබලසැකයක්ද මතුවෙමින් තිබේ.
මේ අතර නිව්ස්ටියුබ් වෙබ් අඩවිය දක්වා සිටිාය් අන්තවාදී සංවිධානයක් විසින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් දියත් කිරීමට සූදානමක් ඇති බවට විපක්ෂ නායක රාජපක්ෂ පමණක් නොව ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවා දැනුවත්ව සිට ඇති බවයි
බුද්ධි අංශ වාර්තා උපුටා දක්වමින් ලැබුණු එම තොරතුරු හේතුවෙන් රාජපක්ෂ පවුල නියෝජනය කරන කිසිඳු ඥාතියෙක් හෝ ළඟම හිතවතෙක් පාස්කු ඉරිදා දේවමෙහෙයන් සඳහා සහභාගීව නොමැති බවත් එම ආරංචිමාර්ග සඳහන් කර සිටියි.එසේම එළිය සංවිධානය නියෝජනය කරන හමුදාවේ විශ්‍රාමික ජනරාල්වරුන් පවා මේ ගැන තොරතුරු දැන ආරක්ෂිත පියවර අනුගමනය කර ඇති බවත් සඳහන් කරන එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ ඒ කිසිවෙක් අදාළ තොරතුරු කියාපාන්නේ මෙතරම් බරපතල ප්‍රහාරයක් සම්බන්ධව බව අනුමාන කර නොමැති බව වැඩිදුරටත් එහි සදහන්ය.
මේ අතර පාස්කු ඉරුදින පිපිරිම් වලින් වැඩිම හානිය සිදුවු මිගමුවේ ත් විශේෂයෙන්ම කටුවපිටිය දේවස්ථාන වලට දිව්‍ය පුජාව සදහා වෙනදා සහභාගි වන දේශපාලකයන් හෝ ඔවුන්ගේ පවුල් වල අය එදින ගොස් තිබුනේද යන්න ගැනත් පසුගිය දිනවල මිගමුවේ දේශපාලන කවයන් අතරේ කථා බහට ලක්ව තිබුණි.
වෙනදා නිතරන්තරයෙන්ම කටුවපිටිය දෙව්මැදුරේ දිව්‍ය පුජාවට සහභාගි වන දේශපාලකයෙකු නමද මේ දේශපාලන කවයන් වලදි මේ දිනවල කථාබහට ලක්ව තිබේ.