කටුවපිටිය කතෝලික දේවස්ථානයේ සිදුවූ මිනිස් ඝාතනයේදී මානසිකව කම්පනයට පත්වූ පිරිසක් සිටින හෙයින් ඔවුන් සුවපත් කිරීම උදෙසා මීගමු රෝහල තුළ ඒ සඳහාවූ වෙනමම ඒකකයක් පිහිටුවා තිඛේ. ඒ අනුව අදදින ඒ පිළිඳබව දැනුවත් කිරීමේ බැනරයක් නගරය පුරා ප්‍රදර්ශනය කිරීමට සැළසුම් කරතිබින. මේ සඳහා මැදිහත්වී කටයුතු කරන මීගමු රෝහල් පදනමේ සංවිධායක වන මාකස් මහතා සහ එහි සභාපති ක්‍රිෂාන්ත දල්පදාතු මහතා තම අදහස් පළකළේ මෙසේය.
මේ වනවිට මෙම සිදුවීම මත විශාල පිරිසක් මානසික පීඩනයට ලක්වී සිටිනවා. අපි ඒ අය හඳුනාගෙන තියෙනවා. මේ අනුව මීගමුව රෝහල් පදනමේ අපි මේ දක්වා කටයුතු කළාසේම ඉදිරියටත් අවශ්‍ය සියළු කටයුතු වෙනුවෙන් වැඩ කිරීමට සූදානම්. මෙම ඒකකයේ උපදේශන කටයුතු සඳහා වෛද්‍යවරුත් ඉදිරිපත්වී කටයුතු කිරීමට සූදානමින් සිටිනවා. මෙම බැනරය මගින් මානසික පීඩනයට පත්වූ සියළු දෙනා දැනුවත් කර ඒ සඳහා යොමු කිරීමට අදහස් කරනවා.