මීගමු රෝහලේ වෙසක් සිරි

0
128

Negombo

2600 වැනි සම්බුද්ධ ජයන්තිය නිමිත්තෙන්  මීගමුව රෝහල් කාර්්‍ය මන්ඩලය විසින්  එළඹි වෙසක් පොහෝ දිනය වෙනුවෙන් , පෙර නොවූ විරූ ලෙස එය මහත් හරසරින් සමරනු ලැබීය. ඒ අනුව වෙසක් පොහෝ දිනට පෙර දින එනම් 2011 මැයි මස 16 වන ස`දුදා දින රෝහලේ අභිනවයෙන් ඉදි වූ බුදු මැදුරේ බුද්ධ ප‍්‍රතිමාවේ නේත‍්‍රා ප‍්‍රතිෂ්ඨාපනය කිරීමේ පිංකම ආරාධිත අමුත්තන් රැුසකගේ සභාගීත්වයෙන් පැවැත්විණි. එලෙසම වෙසක් පොහොයට සමගාමීව රෝහලේ විවිධ අංශයන් නියෝජනය කරමින් වෙසක් පහන් කූඩු තර`ගයක්ද සංවිධානය කර තිබිණි. එම පහන් කූඩු තරගයෙන් ප‍්‍රථම ස්ථානය හිමි වුයේ දැඩි සත්කාර ඒකකයේ සෞඛ්‍ය කම්කරුවෙකු ලෙස සේවය කරන නිමල් මහතා විසින් නිර්මාණය කරන ලද පහන් කූඩුව වූ අතර එම තර`ගයේ දෙවන ස්ථානය හිමි වුයේ ශල්‍යාගාර සෞඛ්‍ය සේවකයෙකු වූ ගූනරත්න මහතා විසින් නිර්මාණය කල පහන් කූඩුවයි. රෝහලේ 11 වැනි වාට්ටුවේ හෙද නිලධාරීනියක විසින් නිර්මානය කරන ලද පහන් කූඩුවට එම තරගයේ තෙවන ස්ථානය හිමි විය.

එලෙසම මීගමුව රෝහලේ දී  බොදු බැති ගී සංදර්ශනයක්ද පැවැත්වීය. එම බැති ගී සංදර්ශනයේ පුහුණු කිරීමේ කටයුතු හා සංගීතය සැපයිමේ කටයුතු සිදු කලේ, දැඩි සත්කාර ඒකකයේ වෛද්‍ය3වරයෙක් වූ ප‍්‍රභාත් ආලෝක මහතා විසිනි. මේ සදහා රෝහලේ බෞද්ධ සංගමය හා සෙත් සරණී කළා සංගමය එක්වී  අනුග‍්‍රහය දක්වා තිබිණි.