දැන්වත් මීගමුව රෝහල මහආණ්ඩුවට පවරගන්න !

0
291

57703217_658111714647090_6187604743049707520_n

මිගමු රෝහලේ පහසුකම් ප්‍රමාණවත්ව තිබුණා නම් මගේ බිරිඳගේ ජිවිතය බේරගන්න තිබුණායැයි මාධ්‍ය හමුවේ පසුගිය දිනක මාධ්‍ය වෙත  කියා සිටියේ සිය ආදරණිය බිරිඳ සහ දියණිය පසුගියදා බෝම්බයෙන් අහිමි වු පියෙකි.
මීගමුව රෝහලේ ඉඩ තිබුණා නම් සමහර විට ඇගේ ජිවිතය බේරාගතහැකිව තිබුනේ යැයි ඔහුට හැගුණ බව ප්‍රකාශ කර සිටියේය.
සිදුවු  විපත හමුවේ අඩුපහසුකම් සහිතව වුවද රෝහල් කාර්ය මණ්ඩලය දැවැන්ත අරගලයක් කරමින් තුවාලකරුවන්ගේ ජිවිත බේරාගැනිමට වු මහන්සිය සැබැවින්ම අගේ කළ යුතුමය.
එහෙත් කටුවපිටිය පල්ලියේ ඛේදවාචකය විසින් අප හමුවේ ඉතුරු කොට ඇති දැවැන්ත අභියෝගයකි. එයට වගකිව යුත්තේ මේ රටේ දේශපාලකයන් සහ ඇතැම් ඔවුන් හා කරේ අතදාගෙන පිස්සන්ට හැතැම්ම නැති ගානට  හැසිරුණු ඇතැම්  වෛද්‍යවරුන්ය.57591610_10219388445130630_534303157212151808_n
මීගමුව රෝහලේ පිහිටිමේ ඇති දැවැන්ත වැදගත්කම අරභයා එය අනිවාර්යෙන්ම රජයට පවරාගෙන වැඩිදියුණු කළ යුතුව තිබේ.
ජාත්‍යන්තර ගුවන් තොටුපල ,සංචාරක කලාපය සහ වෙළද කලාපය යන සියල්ලට පහසුකම් සැලසිමට ඇති රෝහල වන්නේ මීගමුවයි.
මේ නිසාම පසුගිය කාලය තුල මිගමුව රෝහල රජයට පවරාගන්නා ලෙස ඉල්ලා මිගමුවේ සියලු ආගමික නායකයන්ද සිවිල් ප්‍රජාවද ඉල්ලා සිටියද බස්නාහිර  පළාත් සභාවේ බලය හිමිව සිටි බලලෝභි දේශපාලකයන් එයට කිසිදු ඉඩක් දිමට සුදානමක් තිබුනේ නැත.
බස්නාහිර පළාත් සභාවේ ඇමතිවරයෙකුව සිටි නිමල් ලංසාට මෙන්ම මහඇමතිව සිටි ප්‍රසන්න රණතුංගලාද මීගමුවේ ජනතාවගේ මේ ඉල්ලිම් පයිසෙකට ගණන් ගත්තේ නැත.

පහත පළවන්නේ අප විසින් මේ කරුණු පිලිබදව 2015  ජුනි මස පළකළ පුවතකි.

මීගමුව රෝහලේ මේ වන විට උදාවී ඇති තත්වය පිළිබදව වැදගත් තීරණයක් ගැනීම සදහා ඊයේ (ජුනි 05) කාදිනල් කුරේ මධ්‍යස්ථානයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. එයට ශ්‍රිලනිප මීගමුව සංවිධායක සරත් ගුණරත්න මහතා, මීගමුව එක්සත් ජාතික පක්ෂ සංවිධායක රොයිස් විජිත මහතා, ස්වදේශ කටයුතු අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා මහතා ඇතුළු ප්‍රදේශයේ කතෝලික , බෞද්ධ,හින්දු හා ඉස්ලාම් ආගමික නායකයන් විශාල පිරිසක්ද සහභාගී වි සිටියහ. මේ අතර කතෝලික හිමිවරුන් 50කට අධික පිරිසක් සහභාගී වී සිටීමද දැකගතහැකිවිය. ඒ අතර රෝහලේ වෛද්‍යවරු විශාල පිරිසක්ද විය.එහිදී මේ වන විට මීගමුව රෝහලේ තත්වයට ස්ථීර විසදුමක් සෙවීම පිළිබද සාකච්ඡා වී ඇති අතර, ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු ජෝශප් මයිකල් පෙරේරා  මහතා ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපතිතුමන් සමග මේ සම්බන්දව සකච්ඡා කිරීමෙන් අනතුරුව මීගමු රෝහල මහා ආණ්ඩුවට පවරා ගැනීමට තීරණයක් ගැනීමට හැකිවනු ඇති බවයි. රැස්වීම පවත්වන වන අතරවාරයේදීම ජනාධිපති ලේඛම්තුමා අමතා ඇති ජෝශප් මයිකල් අමාත්‍යතුමා ලේඛම්තුමන්ට මේ පිළිබදව පවසා ඇති අතර , ලේඛම්තුමා මේ පිළිබදව තමන්ගේ පූර්ණ අවධානය දක්වන බව පවසා ඇත.

මෙම තීරණයේ විශේෂත්වය වන්නේ මීගමුව රෝහල මහා ආණ්ඩුවට පවරා ගැනීම පිළිබදව රෝහලේ බලධාරීන් දීර්ඝ කාලයක් තිස්සේ සාකච්ඡා කරමින් පැවතීමයි.

20150605_170929

20150605_170940

20150605_172248