(12.03pm) කේ නිරෝෂන් පෙරේරා පියතුමා -කටුවපිටිය දේවස්ථානයේ සිදුවූ මලේච්ඡ ත්‍රස්තවාදී ක්‍රියාවෙන් පසු අවසාන මිහිදන්කිරීම් වලින් පසු දොන් ඩේවිඩ්වත්ත සුසාන භූමියේ ක්‍රියාකාරම් භාරව සිටි ගරු නිරෝෂන් පෙරේරා පියතුමා මීපුර හා ස්වාධින රූපවානියට ඔහුගෙ අදහස් ප්‍රකාශ කරන ලදී.
” අපි විශේෂ ආකාරයකට මේ සුසාන භූමිය සකස් කර ගත්තා. එයට හේතුව අපේ ප්‍රධාන සුසාන භූමියේ ඉඩ මදිකමයි. ඒ දිනයේදී මගේ සහෝදර ජනතාව 110කට අධික සංඛ්‍යාවක් විනාශයට පත්වුණා.
ඉතින් අපි ඉතාමත් කණගාටුදායක මොහොතක දුර්වල වෙයි කියලායි ජනතාව සිතන්නේ. නමුත් අපේ කතෝලික ජනතාව ඉතාමත් ශක්තිමත්.ඒ අය කා සමගවත් රණ්ඩු කරන්ඩ යන්නේ නෑ. අපි ඒ අයගේ මානසික මට්ටම ගොඩනගන්ඩ උත්සාහා කරනවා. අපේ පියතුමන්ලා කන්‍යා සෙහොයුරියන් විශේෂ ආකාරයෙන් මැදිහත්වෙමින් ඉන්නවා මේ පවුල් වල අය රැකගන්න.
ඒ වගේම අපි අපගේ දේශපාලන පක්ෂ පිළිබදව ඉතාමත් සෘනාත්මකව සංකල්පයකින් ඉන්නේ.මන්ද ඔවුන් සැලසුම්ගත විදිහට ලබාදුන්නා මේ දේ කියලයි අපේ සිතිවිල්ල.අ
ඒ අය සියලු දෙනාම ආරක්ෂා සහිතව සිටියා. ඒ අය දැනගෙන සිටියා මේ සිදුවීම සිදුවෙනවා කියලා. මෙලෙස සාහසික පිරිසක් අපිව විනාශ කරන්න එනවා කියලා ඒ ගොල්ලෝ දැනගෙන ඉදලා තියෙනවා. නමුත් ඒ ගෝල්ලෝ අපිට කිසිම දෙයක් දැනුවත් කළේ නෑ.
ඒ දැනුවත්වීම නොකරපු නිසාම අපි ඒ අය පිළිබද ඉතාමත් සෘණාත්මක සංකල්පයකින් ඉන්නේ. විශේෂ ආකාරයෙන් අපි ඒ අයට ආරාධනා කරනවා අපගේ දේශපාලනයෙන් සමුගන්න කියලා. ඒ අය අපට ඔ්නා නෑ, මෙතනින් එහාට ඒ කිසි කෙනෙක් අපිට අවශ්‍ය නෑ.ඒ සියලුම දේශපාලන පක්ෂ සමුගත යුතුයි. අපිට නව දේශපාලන පක්ෂයක් නව දේශපාලන දැක්මක් අවශ්‍යයයි. ”