විපතට පත් මීගමුවේ ජනතාවගේ කඳුළු විකුණා ගොඩයන්න හදන තුප්පහි මාධ්‍ය කලාවක් !

0
97

UNP milano 1

මේ දිනවල හිරු සහ දෙරණ නාලිකා ප්‍රධාන වශයෙන්ම මිගමුවේදි විපතට පත් පවුල් වල ජනයාගේ ඉතිරිවුවන් සොයා ගොස් ඔවුන් හද යළිත් වරක් කිතුකරමින් ඇස්වලට නැගෙන කඳුළු මාකට් කිරිමේ තුප්පහි මාධ්‍ය කලාවක නියැලි සිටිති.
මේ තුප්පහි රැළට ඇවැසිව ඇත්තේ තමන්ගේ රේටින්ස් තරගයකට මෙන් හැඩිකරගැනිමටය.ව
මේ නිසාම මේ මාධ්‍ය ආයතනවල ඇතැම් කුලිකරුවන් තම හාම්පුතුන්ගේ ඉල්ලුමට සැපයුම දිම සදහා පසුගිය දිනවල මිගමුව කටුවාපිටියේ ගම්පියසි පීරමින් යළි යළිත් ව්‍යසනයට පත්ව සිටින ජනයාට තවත් කරදර කර තිබුණි.

මේ ගැන කදිම සටහනක්ද මුහුණු පොතට එක්කර තිබුනේ UNP Milano නමින් මුහුණු පොතේ ඇති පිටුකිනි.
එය මෙලෙසින්ය..hiru

 

හිරැ හා දෙරණ නාලිකා මේ දිනවල පාස්කු ප්‍රහාරයෙන් පවුල්වල සාමාජිකයන්ගේ සංවේදී වීඩියෝ වැඩ සටහන් සකස් කර ඔවුන්ගේ දුක විකුණන කූට ජාවාරමක් කරගෙන යනවා.

අපි මේක ජාවාරමක් කියන්නේ ඇයි. මේ තුලින් ඔවුන් බලාපොරොත්තු වන්නේ ඔවුන්ගේ රේටින් වැඩි කර ගැනීමයි
‍මේ මොහොතේ මෙම වැඩ සටහන් වලට මෙම විනිදිතයන් පෙනී සිටියත් පසු කාළිනව ඔවුන්ට මෙය විශාල මානසික පීඩාවක් විය හැකියි

‍මෙම වැඩ සටහන් වල ඇති සාධනීය තත්වය කුමක්ද ස්භාවික ව්‍යසනයක් නම් ආධාර මුදල් රැස් කරන්වත් කියලා කියන්න පුළුවන්

එමෙන්ම මෙම වැඩ සටහන් කවුරැන් හෝ අවශ්‍යයි කියනවානම් ඔවුන් මිනිසුන්ගේ දුකෙන් ආතල ගන්නා පහත් මානසිකත්වයක් තියෙන අයෙක් මේවා බලා දුක් වී ලබන සතුටත් ටයිටැනික බලා දුක් වී ලබන සතුටත් අතර වෙනසක් නෑ…